01

E   |     |  

 දිනය: 2014-05-06   පිළිතුර ලබා දී ඇත 

3237/2014: ලංකා සතොස ආයතනය : ලාභය/ අලාභය

3237/’12

 

ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ලංකා සතොස ආයතනයට අදාළව,    

              (i)       2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

            (ii)       2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

  (iii)  අද වන විට පවතින ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

  (iv)  එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද; 

  (v)  එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

  (vi)  එම ආයතනය සේවකයෙකු වෙනුවෙන් දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

  (vii)  කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       2012 වර්ෂය සඳහා ඉපැයූ ලාභය - රුපියල් මිලියන 652.2

                         2013 වර්ෂය සඳහා ඉපැයූ ලාභය - රුපියල් මිලියන 881.4

                        2014 වර්ෂය සඳහා ඉපැයූ ලාභය - රුපියල් මිලියන   88.8

              (ii)       2015 සඳහා - රුපියල් මිලියන 1,643

                         2016 සඳහා - රුපියල් මිලියන 2,183

              (iii)       ප්‍රාග්ධනය  -  රුපියල් මිලියන    836.9

      රඳවා ගත් ලාභය -  රුපියල් මිලියන 1,711.5

(iv) 3084.

(v) නැත.

(vi) සේවකයකු සඳහා දරන මාසික පිරිවැය - රුපියල් 26,702

    සේවකයකුගෙන් ලබන මාසික ලාභය -  රුපියල් 24,484

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය නොමැත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු හේමාල් ගුණසේකර මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks