01

E   |     |  

 දිනය: 2014-04-09   පිළිතුර ලබා දී ඇත 

3231/2014: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: ලාභ / අලාභය

3231/’12

 

ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළව,  

              (i)       2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

             (ii)       2015 - 2016 වර්ෂ සඳහා අපේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(v) එහි සේවක අතිරික්තයක් ‍හෝ ‍සේවක හිඟයක් තිබේද;

(vi) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයකුගෙන් ලබන ලාභය කොපමණද;

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;  

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2014-04-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)       රුපියල් බිලියන 105 අලාභයකි.

                (ii)       

වර්ෂය

අපේක්ෂිත ලාභය  රුපියල් බිලියන

2015

            14

2016

            16

               (iii)       

 

රුපියල් බිලියන

ප්‍රාග්ධනය

          3.5

සංචිත (ඍණ)

        (240)

               (iv)       සේවකයන් 2574කි.

               (v)        සමස්තයක් ලෙස ගත් විට සේවක අතිරික්තයක් නැත. නමුත් ඇතැම් තනතුරු සඳහා සේවක අතිරික්තයක් පවතින අතර ඇතැම් තනතුරු සඳහා සේවක පුරප්පාඩු පවතී.

   (vi)  වාර්ෂිකව එක් සේවකයකු වෙනුවෙන් වියදම රුපියල් මිලියන 0.75කි.

         මෙම සේවකයන් විවිධ තනතුරුවල හා විවිධ ශ්‍රේණිවල සේවය කරන බැවින්, එක් සේවකයකු වෙනුවෙන් ලාභය ගණනය කළ නොහැක.

   (vii)  රුපියල් බිලියන 447කි.

(ආ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks