01

E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

3230/2014: ලංකා විදුලිබල මණ්ඩලය : ලාභ අලාභ

3230/’12

 

ගරු රවී කරුණානායක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)      ලංකා විදුලිබල මණ්ඩලයට අදාළව,    

              (i)      2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

             (ii)      2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(v) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

(vi) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      2012 වසරේ සිට ලාභය/(අලාභය), රුපියල් මිලියන 

 

     2012

     2013

      2014

ලාභය/අලාභය

   (77,645)

   12,849

2,900 (අපේක්ෂිත)

   (ii)         2015 සිට 2016 දක්වා අපේක්ෂිත ලාභය/(අලාභය) රුපියල් මිලියන 

 

2015

2016

අපේක්ෂිත ලාභය/(අලාභය)

4,260

14,141

 (iii)    2013 දෙසැම්බර් 31 වන විට ප්‍රාග්ධන ප්‍රමාණය හා සංචිත ප්‍රමාණය 

විස්තරය

ප්‍රමාණය

රුපියල් මිලියන

දායක ප්‍රාග්ධනය

121,612

සංචිත

27,260

රඳවා ගත් ආදායම

63,897

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks