01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

3153/2014: ඇමෙරිකා එක්සත් ජනපදය - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම: වෙළඳ ශේෂය

3153/’12

 

ගරු රවී කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඇමරිකා එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුමට එළඹීමට පාදක වූ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම ක්‍රියාත්මක නොකරන්නේ මන්ද;

            (ii)       2004 මැයි 01 දින සිට මේ දක්වා වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමට අදාළව පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාව කොපමණද;

  (iii)  මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ කවරේද;

  (iv)  ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පාරි‍භෝගික භාණ්ඩ කවරේද;

  (v)  2010, 2011 සහ 2012 වර්ෂවල ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති වෙළද ශේෂයන් වෙන් වෙන් වශයෙන් කොපමණද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වෙළඳාම හා ආයෝජනය පිළිබඳ රාමු ගිවිසුමට අදාළ රැස්වීම් නියමිත ලෙස ‍කොළඹ ‍හා වොෂින්ටන්  යන නගරවලදී  පවත්වා ඇත.

           (ii)      වෙළඳ  ආයෝජන රාමු ගිවිසුමට අදාළව එක්සත් ජනපදය හා  ශ්‍රී ලංකාව අතර පවත්වන ලද රැස්වීම් ගණන 07ක් වන අතර අවසාන රැස්වීම වන 10වන වටයේ      TIFA   සාකච්ඡා  2012 වසරේ ‍කොළඹ දී පවත්වන ලදී. ‍පවත්වන ලද  රැස්වීම් 07හි සාරාංශය  පහත දැක්වේ.

 

සැසිවාරයේ නම

  වර්ෂය/ මාසය

අගනුවර

එක්සත් ජනපදය  හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 04 වන සැසිවාරය

2004 ඔක්තෝම්බර් 26

වොෂින්ටන්

 

සැසිවාරයේ නම

  වර්ෂය/ මාසය

අගනුවර

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 05 වන සැසිවාරය

2006 දෙසැම්බර් 01

වොෂින්ටන්

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයොජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 06 වන සැසිවාරය

2008 මැයි 29

වොෂින්ටන්

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 07 වන සැසිවාරය

2009 ඔක්තෝම්බර් 15

කොළඹ

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 08 වන සැසිවාරය

2010 ඔක්තෝම්බර් 14

කොළඹ

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 09 වන සැසිවාරය

2011 නොවැම්බර් 15

වොෂින්ටන්

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර  වෙළඳාම හා ආයෝජනය  පිළිබඳ  රාමු ගිවිසුම යට‍තේ ඒකාබද්ධ කවුන්සිලයේ 10වන සැසිවාරය

2012 මාර්තු  27

‍කොළඹ

 

(iii) ශ්‍රී ලංකා  නිෂ්පාදිත සඳහා විශාලතම අපනයන වෙළඳපළ ලෙස 2013 වර්ෂ‍යේ ශ්‍රී ලංකාවේ  මුළු අපනයන  ආදායමෙන් සියයට 25ක  ප්‍රතිශතයක් (ඇ.ඩො. මිලියන 2,496.78) එක්සත් ජනපදය වෙත අපනයනය කර ඇත.

2013   වර්ෂය එක්සත් ජනපදය වෙත යැවූ ප්‍රධාන අපනයන අයිතමයන් වන්නේ;

 

 

නිෂ්පාදිත නාමය

අගය (ඇ.ඩො.මිලියන)

ශ්‍රී ලංකා මුළු අපනයනවලින්  එක්සත් ජනපදයට යැවූ  ප්‍රමාණය % ලෙස

1.

ඇඟලුම්ශ්‍රේණිය

1833.01

73.41

2.

රබර්වලින් නිමවූ නැවත අඩිය පිරවූ ‍හෝ පාවිච්චි  කළ වායු  ටයර්

123.04

 4.93

3.

රබර්වලින්  නිමවූ අලුත් වායු ටයර්

75.48

 3.02

4

ඝන කළ රබර්වලින් හැර වොල්කනිස් කළ රබර්වලින් නිම වූ අත් මේස්, ඇඟිලි වෙන් නොකළ අත්වැසුම්

44.28

  1.77

5.

සක්‍රීය කළ කාබන්, සක්‍රීය කළ  ස්වාභාවික වාණිජමය නිෂ්පාදන

 31.02

  1.24

6.

මැණික් ගල්  හා අර්ධ- අනඟි මැණික් වර්ග

29.83

   1.19

 

7.

 ඝන රබර්වලින් හැර වොල්කනයිස් කළ  රබර්වලින් නිම වූ අනෙකුත් භාණ්ඩ 26.26

 

   1.05

8.

යන්ත්‍ර සමඟ පාවිච්චි කිරීම සඳහා සුදුසු කොටස්

24.53

   0.98

9.

තේ

 23.95

    0.96

10.

වොල්කනයිස් නොකළ සංයුක්ත රබර්

 22.71

    0.91

 

වෙනත් (කුරුඳු, මාළු, සෙල්ලම් බඩු, හිස් ආවරණ, මුළුතැන්ගෙයි උපකරණ, ඇට වර්ග හා අනෙකුත්)

262.68

   10.54

 

එක්සත් ජනපදය වෙත යැවූ  ශ්‍රී ලංකා මුළු අපනයන

2496.78

100

(iv)  එක්සත් ජනපදයෙන්    ශ්‍රී ලංකාව වෙත ආනයන 2% (ඇ.ඩො.මිලියන 352.51) වැනි  ශ්‍රී ලංකාවේ  මුළු  ආනයනවලින්  සීමිත ප්‍රමාණයකින් වන අතර 2013 දී ආනයනය කරන ලද ප්‍රධාන නිෂ්පාදිතයන් වනු‍යේ;

 

ශ්‍රේණිය

නිෂ්පාදිත නාමය

අගය (ඇ.ඩො.මිලියන)

ශ්‍රී ලංකාව මුළු ආනයනවලින් එක්සත් ජනපදයෙන් ගෙන් වූ ප්‍රමාණය %  ලෙස

1

දෘෂ්ටි ඡායාරූප ශිල්පීය උපකරණ කට්ටල හෝ ඒවායේ ‍කොටස්  හා උපාංග 32.83

 

9.31

2.

තෙල් මුරු හා අනෙකුත් අවශේෂ කොටස්

27.66

7.84

3.

ටර්බෝජෙට්, ටර්බෝ-‍ප්‍රොපේලර්  අනෙකුත් ගැස් ටර්බයින

26.68

7.57

4

සීනි හෝ වෙනත් රසකාරක අඩංගු කර හෝ සාන්ද්‍ර කළ කිරි සහ යොදය

13.92

3.95

5.

ප්ලාස්ටික් වර්ග හා ඒවායින්  සකස් කළ දේ

12.15

3.45

6.

ස්වයංක්‍රීය දත්ත සැකසුම් යන්ත්‍ර හා ඒවායේ ඒකක

10.68

3.03

7.

කෘත්‍රිම කේශර ෆිලවන්ට්

10.32

2.93

8.

විවිධ රසායනික නිෂ්පාදන

8.28

2.35

9.

ඖෂධ

7.33

 2.08

10.

අනෙකුත් ගුවන් යානා, අභ්‍යවකාශ යානා හා උපකෂම යානා හා අභ්‍යවකාශ යානා ගුවන් ගත කරන වාහන

7.28

 2.07

 

වෙනත් ( ගුවන් යානාවල කොටස්, කෘත්‍රිම මූලික කෙඳි වර්ග, ශාකමය මේද, අලුත් ඇපල්, පෙයාර්ස්, කාබනික රසායනික ද්‍රව්‍යයන්)

195.39

 55.43

 

එක්සත් ජනපදයෙන් ලද  ශ්‍රී ලංකා මුළු ආනයන

352.51

100

 

 

 

 

 

 

 

 

 

(v) ශ්‍රී ලංකාව  හා එක්සත් ජනපදය අතර වෙළඳ ශේෂය ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස පවතින අතර  එය 2010 දී ඇ.ඩො.මි. 1597;  2011 දී  ඇ.ඩො.මි. 1880 විය. (අගයන් ඇ.ඩො.මිලියන වලින්)

 

 

වර්ෂය

එක්සත් ජනපදය වෙත ශ්‍රී ලංකා අපනයන

එක්සත් ජනපදයෙන් ලද  ශ්‍රී ලංකා ආනයන

වෙළඳ ශේෂය.

2010

1,765.01

168.07

1596.94

2011

2,144.98

285.37

1,859.61

2012

2,114.44

234.10

1880.34

(ආ)  අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks