පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3147/’12
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශුද්ධ ලාභය හෝ අලාභය කොපමණද;
(ii) 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී සේවා පහසුකම් සැපයීම, තීරුබදු රහිත භාණ්ඩ විකිණීමේ කටයුතු, බස් රථ සේවාව, මගී ගුවන්ගත වීම් සහ භාණ්ඩ තොග වැනි ක්‍ෂේත්‍ර හසුරුවනු ලබන එක් එක් උප සමාගමේ ඉපයීම් කවරේද;
(iii) ගුවන්යානයක් සඳහා දරන වාර්ෂික පිරිවැය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සමස්ත කාර්ය මණ්ඩල වැටුප් සහ ආදායම;
(ii) මගී ගුවන් යානයක ඇති ආසන සංඛ්‍යාව සහ එහි ගමන් කරන සැබෑ මගීන් සංඛ්‍යාව;
(iii) භාණ්ඩ තොගවලින් ලැබෙන ආදායම සහ සමස්ත ආදායම;
(iv) ප්‍රාග්ධන ක්‍රමක්ෂයට ආදායම සහ ශුද්ධ ලාභය;
අතර පවතින ප්‍රධාන අනුපාතයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එමිරේට්ස් ගුවන් සේවයෙන් යළි පවරා ගත් දින සිට මේ දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රාග්ධන සහ පොදු සංචිත ප්‍රමාණ වාර්ෂික පදනමින් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-02
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2012/13 වර්ෂයේදී ශුද්ධ අලාභය රුපියල් මිලියන 21,749.75කි.
(ii) ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් එකම අනුබද්ධ ආයතනය වන්නේ ශ්‍රීලංකන් කේටරින් අංශයයි. ශ්‍රීලංකන් කේටරින් අංශය ඉපයූ ආදායම්,
(iii) පටු බඳ සහිත ගුවන් යානයක් සඳහා වාර්ෂික සාමාන්‍ය සෘජු මෙහෙයුම් පිරිවැය USD 20.05 M.
පුළුල් බඳ සහිත ගුවන් යානයක් සඳහා වාර්ෂික සාමාන්‍ය සෘජු මෙහෙයුම් පිරිවැය USD 45.42 M.
(ආ) (i) ආදායමෙන් සමස්ත කාර්ය මණ්ඩල වැටුප් 13%කි. (2012/13)
(ii) ගුවන් මගීන් ගුවන් මැදිරිය සඳහා පැටවුම් සාධකය 81%කි. (2012/13)
(iii) සමස්ත ආදායමෙන් ගුවන් භාණ්ඩ ආදායම් අනුපාතය 11%කි. (2012/13)
(iv) පැහැදිලි නැත.
(ඇ)
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks