පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3138/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැනට වරදකරුවන්ව බන්ධනාගාර ගතව සිටින තැනැත්තන්ට සහ මරණීය දණ්ඩනයට යටත්ව සිටින තැනැත්තන්ට සමාවදීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය සඳහන් ලිඛිත සංග්‍රහයක් තිබේද;
(ii) එසේ නම්, එම ලිඛිත සංග්‍රහය ඉදිරිපත් කරන්නේද;
(iii) ඉහත කාර්ය පටිපාටිය සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු විය යුතු බව පිළිගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වරදකරුවන්වී බන්ධනාගාරගත වූ තැනැත්තන්ට සහ මරණීය දඩුවම නියමවූවන්ට සමාවදීමේදී අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් කෙරෙහි සැලකිල්ලක් දක්වා තිබේද;
(ii) එසේ නම්, එම අවස්ථා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-08
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා (පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා)
(மாண்புமிகு சந்திரசிறி கஜதீர - புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்)
(The Hon. Chandrasiri Gajadeera - Minister of Rehabilitation and Prison Reforms)
ගරු කථානායකතුමනි, මම ඒ ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
(ii) ඔව්.
(iii) ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාව ප්‍රදානය සම්බන්ධයෙන් වන බලතල අතිගරු ජනාධිපතිතුමා සතු වේ.
(ආ) (i) ඉහත (අ)හි පිළිතුර.
(ii) අදාළ නොවේ.
(ඇ) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks