පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3098/’12
ගරු පී. හැරිසන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රොන්මඩ ඉවත් කිරීම සඳහා තෝරාගෙන ඇති මුළු වැව් සංඛ්‍යාව කොපමණද;
(ii) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් එම වැව් සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් වැව සඳහා වෙන් කළ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ව්‍යාපෘතිය සඳහා වාරිමාර්ග හා ගොවිජන සේවා නිලධාරීන්ගේ සහාය ලබා ගෙන තිබේද;
(ii) නොඑසේ නම්, ඒ සඳහා වෙනත් අයගේ සහාය ලබා ගන්නේද;
(iii) එසේ නම්, එම අය කවුරුන්ද;
(iv) ඔවුන් අයත් ආයතන කවරේද;
(v) ඉහත සඳහන් එක් එක් වැවෙන් රොන්මඩ ඉවත් කර ඇති අක්කර ගණන වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) රොන්මඩ ඉවත්කළ පසු එම වැව්වල කන්න දෙක වගා කිරීමට ප්‍රමාණවත් ජලය රැස්කරගත හැකිවේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) වැව්වල රොන්මඩ වාර්ෂිකව ඉවත් කරන්නේද;
(ii) නොඑසේ නම්, එය සිදු කරන කාල පරාසය කුමක්ද;
(iii) මෙවර රොන්මඩ ඉවත් කිරීමට නොහැකිවූ වැව්වල එම කටයුතු ඉදිරි යල කන්නයේදී සිදුකරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-30
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Susantha Punchinilame - Deputy Minister Economic Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ රොන් මඩ ඉවත් කිරීම සඳහා තෝරා ගෙන ඇති මුළු වැව් සංඛ්‍යාව -314කි.
(ii) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් එම වැව් සංඛ්‍යාව -
|
අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වැව් සංඛ්‍යාව |
|
1 |
හොරොව්පතාන |
50 |
|
2 |
ගලෙන්බිඳුණුවැව |
10 |
|
3 |
කහටගස්දිගිලිය |
36 |
|
4 |
නොච්චියාගම |
14 |
|
5 |
මහවිලච්චිය |
24 |
|
6 |
මැදවච්චිය |
36 |
|
7 |
මිහින්තලේ |
02 |
|
8 |
ගල්නෑව |
06 |
|
9 |
රඹෑව |
24 |
|
10 |
කැබිතිගොල්ලෑව |
33 |
|
11 |
ගෝමරන්කඩවල |
05 |
|
12 |
නැඟෙනහිර නුවර පළාත |
02
|
|
13 |
මධ්‍යම නුවර පළාත |
20 |
|
14 |
පලුගස්වැව |
13 |
|
15 |
පලාගල |
04 |
|
16 |
පදවිය |
03 |
|
17 |
කැකිරාව |
04 |
|
18 |
නාච්චදූව |
02 |
|
19 |
තලාව |
11 |
|
20 |
තිරිප්පනේ |
04 |
|
21 |
ඉපලෝගම |
02 |
|
22 |
තඹුත්තේගම |
02 |
|
23 |
වැලිඔය |
07 |
|
|
එකතුව |
314 |
(iii) එම එක් එක් වැව සඳහා වෙන් කළ මුදල - රුපියල් 3,800,000.00 (රුපියල් මිලියන 3.8)
|
සිවිල් වැඩ සඳහා |
රුපියල් 3,454,000.00 (රුපියල් මිලියන 3.45) |
|
අවිනිශ්චිත වියදම් |
රුපියල් 172,700.00 (රුපියල් එක්ලක්ෂ හැත්තෑදෙදහස් හත්සියයකි.) |
|
පරිපාලන වියදම් |
රුපියල් 173,300.00 (රුපියල් එක්ලක්ෂ හැත්තෑතුන්දහස් තුන්සියයකි.) |
|
එකතුව |
රුපියල් 3,800,000.00 (රුපියල් මිලියන 3.8) |
ඉහත පරිදි හැම වැවකටම මුදල් වෙන් කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) වාරිමාර්ග හා ගොවිජන සේවා නිලධාරින්ට අමතරව වෙනත් අයගේ සහාය ලබා ගෙන ඇත.
(iii) අධ්‍යක්ෂවරුන්, ඉංජිනේරුවරුන්, තාක්ෂණ නිලධාරින් හා කාර්යාල සේවක මහතුන්
(iv) පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව - උතුරු මැද පළාත සහ ගොවි සංවිධාන 314
(v) ඉහත එක් එක් වැවෙන් රොන් මඩ ඉවත් කර ඇති අක්කර ගණන වෙන් වෙන් වශයෙන් -
රොන් මඩ ඉවත් කරන ප්‍රමාණය "අක්කරවලින්" දැක්විය නොහැක. අක්කරයක් යනු වපසරියක් ගණනය කිරීමට යොදා ගන්නා ඒකකයකි.
රොන් මඩ ඉවත් කර ඇති ප්‍රමාණය "ඝන මීටර" (m3) ලෙස හෝ "කියුබ්" (Cube) ලෙස හෝ "අක්කර අඩි" (Acer Feet) ලෙස ගණනය කළ හැක.
මෙහි ඇස්තමේන්තු සකස් කිරීමේදී, ඉවත් කරන පස් ප්‍රමාණය එක් වැවකින් ඝන මීටර 10,000ක් ලෙස හෝ කියුබ් 3,530ක් ලෙස හෝ අක්කර අඩි 8.2ක් ලෙස ගෙන ඇත.
වැඩ අවසන් කළ පසු ඉවත් වූ රොන් මඩ ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය බිම් මට්ටම් 2012.10.22 දින වන විට ලබා ගෙන අවසන් කර තිබිණි. එම මිනුම් වගුගත කර, ඇඳීම් (Drawing) කටයුතු කර, ඉවත් කළ ප්‍රමාණයන් ගණනය කරමින් පවතී. එලෙස ගණනය කිරීම් අවසන් කළ වැව්වල රොන් මඩ ඉවත් කළ ප්‍රමාණයන් ඇමුණුමෙහි සඳහන් කර ඇත.
(vi) වැව් වැඩි සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලැබෙන පරිදි හා එක් වැවකට වෙන් කළ හැකි උපරිම මුදල සැලකිල්ලට ගෙන කළ හැකි උපරිම ප්‍රමාණයක රොන් මඩ ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මෙහිදී ගොවීන් පවසන අන්දමට වගාවන්ට ජලය අවසන් මුර 01කට හෝ 02කට සෑහෙන ජල ප්‍රමාණයක් අතිරේකව එක් රැස් වන පරිදි මෙම පස් ප්‍රමාණය ඉවත් කිරීමට කටයුතු කර ඇත. යල, මහ කන්න සඳහා පෙර තිබූ ජල හිඟතාව බොහෝ දුරට මඟ හැරෙනු ඇත. මෙම රොන් මඩ ඉවත් කිරීම මඟින් අතිරේකව වැවේ ඉතිරි වූ ජල ප්‍රමාණය වුවද මනා ජල කළමනාකාරිත්වයකින් භාවිත කළහොත් පූර්ණ වශයෙන් මෙම කන්න දෙකම වගා කළ හැකි වනු ඇත.
(vii) අදාළ නොවේ.
(ඇ) (i) මෙම ව්‍යාපෘතිය තුළින් සිදු නොකෙරේ. එනමුත් සම්පූර්ණ වැවේ රොන් මඩ ඉවත් කර නොමැති නිසාත්, ඉවත් කළ කොටස මුළු වැවෙන් 1/3ක් පමණ වන නිසාත්, පෙර ඉවත් නොකළ කොටස්වල රොන් මඩ ඉවත් කිරීම තාක්ෂණික හා න්‍යායාත්මක ගැටලුවක් නොවේ.
සම්පූර්ණ වැවෙහිම රොන් මඩ ඉවත් කළේ නම් පමණක් එය නැවත වසර 10ක් පමණ යන තෙක් ඉවත් කළ යුතු නොවේ.
(ii) රොන් මඩ පිරීමේ ස්වභාවය මත තීරණය කළ යුතුය.
(iii) මෙය ජාතික වැඩසටහනක් වන නිසා ඉදිරියේදී අවධානය යොමු කරනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks