01

E   |     |  

 දිනය: 2013-11-22   පිළිතුර ලබා දී ඇත 

3079/2013: රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරින් : ජාතික ප්‍රතිපත්තිය

3079/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මේ වන විට සිටින රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      බටහිර වෛද්‍ය උපාධිධාරීන් (MBBS) සඳහා සීමාවාසික කාල සීමාවෙන් පසු කුසලතා ලේඛන අනුව රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් පැවතියද ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට (BAMS) එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;

  (iii)  එසේ නම්, එවැනි ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කර ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට ක්‍රමවත් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      ආයුර්වේද      -   393

                        යුනානි          -     80

                        සිද්ධ             -       0

              (ii)      බටහිර වෛද්‍ය උපාධිධාරීන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ද රජයේ සේවයට බඳවා ගනු ලබන්නේ ද රාජ්‍ය සේවයේ අනුමත සේවක සංඛ්‍යාව යටතේ ඇති වන පුරප්පාඩු සඳහා කුසලතා පදනම මතය.

            (iii)      දැනට දේශීය වෛද්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින අතර ඒ අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ජනනය වන බව දැනුම් දෙන්න පුළුවන්.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks