පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2997/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2009 සිට 2012 දක්වා කාල සීමාව තුළ අධිකරණයට ඉදිරිපත්ව ඇති සමස්ත ළමා අපචාර හා අපයෝජන නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) එම නඩු අතුරින් මේ වන විට විභාග වෙමින් පවතින සංඛ්‍යාව සහ විභාග කොට අවසන් කර ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2009 සිට මේ දක්වා විභාග කළ ළමා අපචාර හා අපයෝජන නඩුවලදී වරදකරුවන් වී දඩුවම් ලැබූ සංඛ්‍යාව කොපමණද;
(ii) ළමා අපචාර හා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට ලබා දෙන උපරිම දඬුවම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-11
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
ඉදිරිපත් කරන ලද අධි චෝදනා සංඛ්‍යාව |
|
2009 |
497 |
|
2010 |
483 |
|
2011 |
617 |
|
2012 |
830 |
|
එකතුව |
2,427 |
(නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරු - ඇමුණුම i බලන්න)
(ii) පුළුල් ලෙස ව්‍යාප්ත වූ කොටස්වලට වර්ගීකරණය කරන ලද දත්ත ඇතුළත් විස්තීර්ණ දත්ත පදනමක් නොමැත. එම නිසා දත්ත එක්රැස් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ.
(ආ) (i) වරදකරුවන් කොට බන්ධනාගාරගත කළ තැනැත්තන්
|
වර්ෂය |
වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලද තැනැත්තන් සංඛ්‍යාව |
|
2009 |
168 |
|
2010 |
273 |
|
2011 |
76 |
|
2012 |
සකස් කොට නොමැත. |
(බන්ධනාගාර මූලස්ථානය වෙතින් ලැබුණු තොරතුරු - කරුණාකර ඇමුණුම ii බලන්න.)
(ii) පුළුල් ලෙස ව්‍යාප්ත වූ කොටස්වලට වර්ගීකරණය කරන ලද දත්ත ඇතුළත් විස්තීරණ දත්ත පදනමක් නොමැත. එම නිසා දත්ත එක්රැස් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ. කෙසේ වුවද, ළමා අපචාර සඳහා උපරිම දඬුවම් පැමිණ වීම වරදේ බරපතළකම අනුව වෙනස් වේ. ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව උපරිම දණ්ඩනය වසර 30ක් සහ දඩයකින් සමන්විත වනු ඇත. (වරදවල් සහ අදාළ දඩ මුදල්වල සාරාංශය මීට අමුණා ඇත. -කරුණාකර ඇමුණුම iii බලන්න.)
I have given you a detailed list of what the punishments are and what type of offences attract those punishments.
(ඇ) පැන නොනඟී.
ඇමුණුම් සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2013-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks