01

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

2991/2013: ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති: චෝදනා

2991/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2010 මැයි සිට 2012 මැයි දක්වා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතීත්වය දැරූ පුද්ගලයාගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් කවරේද;

             (ii)      ඔහුට එම තනතුරට අදාළව මාසිකව ගෙවනු ලබන වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද කවරේද;

(iii) ඔහු ගෘහස්ථ මෙහෙකරුවන් දෙදෙනෙකු සේවයේ යොදවා ඇති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සංස්ථාවෙන් මසකට රුපියල් 35,000.00ක මුදලක් ලබා ගත්තේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඕපල්ගල වතුයායේ අක්කර 250 ක පමණ සශ්‍රීක එනසාල් ඉඩමක් කිසිදු ප්‍රසිද්ධ දැන්වීමකින් තොරව “සසිකි” නමැති පුද්ගලික සමාගමකට ලබාදී ඇති බවත්;

  (ii) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු වූ 32-606 හා 32-611 ජීප් රථ දෙක රහසිගතව සභාපතිවරයා විසින් විකුණා ඇති බවට එහි සේවකයින් චෝදනා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) ඉහත (ආ)(ii) හි සඳහන් වාහන අලෙවි කර ඇත්නම්, ඒවා මිලදී ගත් අයගේ නම්, ලිපිනයන් හා විකුණන ලද වටිනාකම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දයාශ්‍රිත තිසේරා මහතා (රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන  අමාත්‍යතුමා)

(மாண்புமிகு தயாசிறித திசேரா - அரச வளங்கள், தொழில்முயற்சி அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Dayasritha Thissera - Minister of State Resources and Enterprise Development)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      වර්ෂ 2010 මැයි මස සිට 2012 මැයි මස දක්වා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිත්වය දැරූ ප්‍රියංක ද අල්විස් මහතා විසින් ඉදිරිපත් කර ඇති ඔහුගේ ජීව දත්ත තොරතුරු මේ සමඟ ඇති ඇමුණුමෙහි දැක් වේ. ඇමුණුම සභාගත* කරමි.

(ii) මාසික දීමනාව රුපියල් 60,000කි. ඉන්ධන සමඟ ආයතනය විසින් ලබා දෙන වාහනය හා අවශ්‍යතාව පරිදි අනුමත වී ඇති සංග්‍රහ දීමනා.

(iii) මෙහෙකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් 35,000ක මුදලක් 2011.05.01 දින සිට ලබා ගෙන ඇත. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

(ආ) (i) අවුරුදු 10ක බදු ගිවිසුම් අංක 122 යටතේ 2011.11.23 දිනැතිව ඕපල්ගල රාජ්‍ය වතුයායේ කුඩාඔය කොටසේ හෙක්ටයාර් 138ක එනසාල් වගාව සඳහා බදු දී ඇත.

ඒ සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙක් හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරියෙකුගෙන්ද සමන්විත කමිටුවක් පත් කර එහි නිරීක්ෂණ පරිදි කටයුතු කර ඇත.

බදු ගිවිසුමේ වටිනාකම රුපියල් 6,668,750.00කි.

(ii) අංක 32 ශ්‍රී  0606 හා 32 ශ්‍රී 0611 යන ජීප් රථ දෙකේ චැසි හා බොඩි අබලන් වී දිරාපත් වීම නිසා මෝටර් රථ වාහන ලියා පදිංචි කිරීමේ ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස එහි සභාපතිවරයා විසින් 2011.06.20 දින මෝටර් රථ ලියා පදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත දන්වා ඇත. මේ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් සිදු වන බව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වත්මන් සභාපතිවරයා විසින් වාර්තා කර ඇත.

(ඇ) එහි සඳහන් වාහන දෙක අළෙවි කර නැත.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks