01

E   |     |  

 දිනය: 2013-09-04   පිළිතුර ලබා දී ඇත 

2934/2013: පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: අනවශ්‍ය ඇළ මාර්ගයක් සහ පාරක් තැනීම

2934/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, සියඹලාගොඩ (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සිංගල්දෙනිය, නියගමළහේන ඇතුළු සරු සාර කුඹුරු ඉඩම් කිහිපයක් විනාශ කරමින් කුඹුරට අවශ්‍ය නොවන ඇළ මාර්ගයක් සහ පාරක් සකස් කරන බවත්;

(ii) එම ඇළ මාර්ගය සහ පාර තැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධතාවයක් දක්වන බවත්;

(iii) මෙම ක්‍රියාව නිසා වර්ෂාව අඩු කාලවලදී කුඹුරු යාය විනාශ වී යාමේ අවදානමක් ඇති බවට ගොවීන් චෝදනා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ඇළ මාර්ගය සහ පාර තැනීම සඳහා වැය කරන මුදල කොපමණද;

(ii) ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු ලබන අරමුදල කවරේද;

(iii) ගොවින් ප්‍රතික්ෂේප කරනු ලබන මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට හා විධිමත් පරීක්ෂණයක් සිදුකර  ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) (i) ඔව්.

කුඹුරු යාය විනාශ වී නොමැති අතර ගල් සහිත භූමියක පිට ඇළ කැපීම හා වේල්ල සකස් කර ඇත.

(ii) නැත.

(iii) නැත.

ස්ථාන පරීක්ෂණකින් පසු අඩු පාඩු සියල්ල නිවැරැදි කර ඇත.

(ආ) (i) රුපියල් 392186.19

(ii) ජාතික සවිය-ගම නැඟුම වැඩසටහන 2011 මඟිනි.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks