01

E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

2932/2013: උක් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් : වරප්‍රසාද

2932/’12

ගරු බුද්ධික පතිරණ මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      උක් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)      ඔවුන්  දැනට ලබන දීමනා ඇතුළු වරප්‍රසාද කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ආචාර්ය එන්. ඩී. කුමාරසිංහ මහතාට ලබා දෙනු ලබන මාසික වැටුප, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද කවරේද;

(ii) 2012 ජනවාරි සිට මේ දක්වා ඔහුගේ ස්ථිර සේවා ස්ථානය කවරේද;

(iii) ආචාර්ය එන්. ඩී. කුමාරසිංහ මහතාගෙන් පසුගිය කාලසීමාව තුළදී උක් පර්යේෂණ ආයතනයට ලබා ගන්නා ලද සේවය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සීනි කර්මාන්ත සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උක් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා ලිපිනයන් පහත දැක්වේ.

 

 

නම සහ තනතුර

අධ්‍යාපන සුදුසුකම්

ලිපිනය

එස්.කේ. සිරිල් මහතා/ සභාපති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව විශේෂවේදී උපාධිය.  කොළඹ විශ්වවිද්‍යාලයේ විෂ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය.  ඛනිජ තෙල් තාක්ෂණය පිළිබඳ ඉතාලියේ එක් වසරක ඩිප්ලෝමා පාඨමාලාව.  වරලත් රසඥ ලෝක බලශක්ති ආයතනයේ සාමාජික.  දේශීය විශ්වවිද්‍යාලයන්හි රසායන විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය.  අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, රසායන විද්‍යාව, ජීව ඉන්ධන, පාරිසරික පර්යේෂණ වැනි වැදගත් පර්යේෂණයන්හි නියැළී ඇති ප්‍රවීන විද්‍යාඥයෙකි.

 80/8, භාතිය මාවත, පමුණුවිල, කැලණිය.

ආචාර්ය එච්.කේ. සුනිල් මහතා/ පාලක මණ්ඩල සාමාජික

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය.  එක්සත් රාජධානියේ බර්මිංග් හැම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය.

26/55, මත්තේගොඩ, පොල්ගස්ඕවිට.

ඩී.එච්.වී. පෙරේරා මහතා/ පාලක මණ්ඩල සාමාජික

සත්ව විද්‍යාව පිළිබඳ (ගෞරව) විද්‍යාවේදී උපාධිය.  කෘෂිකර්මය පිළිබඳ විද්‍යාපති උපාධිය.  කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.

 60, කොස්වත්ත පාර, නාවල.

එස්. සේනානායක මහතා/ පාලක මණ්ඩල සාමාජික.  අතිරේක ලේකම්, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය (නිල බලයෙනි)

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිය.  මානව සම්පත් සැලසුම් හා සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධිය.  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) නිලධාරියෙකි.

 2/36, පල්ලේගුන්නෑපාන, පොල්ගොල්ල.

ටී.වයි.එල්. මුණසිංහ මෙනෙවිය/ පාලක මණ්ඩල සාමාජික.  සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව. (නිල බලයෙනි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මවේදී උපාධිය.  සැලසුම් හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව.  කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් සිටී.  ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ නිලධාරිනියකි.

හරංකහමණ්ඩිය, බෝම්බුවල, කළුතර දකුණ

 

 

 

(ii)   සභාපති-භාණ්ඩාගාර චක්‍රලේඛන අනුව ගෙවනු ලබන රුපියල් 50,000.00ක (රුපියල් පනස්දහසක)  දීමනාව සහ මසකට ලීටර් 225ක (දෙසිය විසිපහක)   ඉන්ධන දීමනාව.

                        පාලක මණ්ඩල සාමාජික - එක් රැස්වීමක් සඳහා රුපියල් 4,000.00ක (රුපියල් හාර දහසක) දීමනාවක් සහ රුපියල් 2,500.00ක(දෙදහස් පන්සියයක) ප්‍රවාහන දීමනාව.

(ආ) (i)   උක් පර්යේෂණ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි/අධ්‍යක්ෂ ආචාර්ය එන්.ඩී. කුමාරසිංහ මහතා 2013.03.15 දින විශ්‍රම ලබා ඇති අතර සේවයේ යෙදී සිටින විට අවසන් වරට පහත සඳහන් පරිදි ‍මාසික වැටුප, දීමනා  හා  අනෙකුත් වරප්‍රසාද ලබා ගන්නා ලදී.

  *  මාසික වැටුප රුපියල් 83,529.25යි (රුපියල් අසූ තුන් දහස් පන්සිය විසිනවයයි ශත විසිපහයි)

   * ඉන්ධන දීමනාව මසකට ඩීසල් ලීටර් 170යි (ලීටර් එකසිය හැත්තෑවයි)

* වෛද්‍යාධාර  දීමනාව  වසරකට උපරිමය රුපියල් 206,985යි. (රුපියල් දෙසිය හය දහස්  නවසිය අසූපහයි)

(ii) 2012  ජනවාරි සිට ආචාර්ය එන්. ඩී.කුමාරසිරි මහතා විශ්‍රාම යන‍‍තෙක්  ඔහුගේ ස්ථිර සේවා ස්ථාන පහත සඳහන් වේ.

 

 කාලය

 අනුයුක්තව සිටි කාර්යාලය

 2012  ජනවාරි සිට  සැප්තැම්බර් දක්වා

උක් පර්යේෂණ ආයතනය එවකට අයත් වූ සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයට  අනුයුක්තව සිටින ලදී.

2012 සැප්තැම්බර් සිට දෙසැම්බර් 31 දක්වා

උක් පර්යේෂණ ආයතනයේ රත්මලානේ පිහිටා තිබූ  කාර්යාලයට  අනුයුක්තව සිටින ලදී.

2013 ජනවාරි 01 දින සිට  ඒ මහතා විශ්‍රාම ලැබූ 2013 මර්තු 15 දින දක්වා

උඩවලවේ උක් පර්යේෂණ ආයතනයට අනුයුක්තව සිටින ලදී.

(iii)  ආචාර්ය එන්.සී. කුමාරසිංහ මහතාගෙන් ලබා ගත් සේවය  ඔහු දැරූ විවිධ තනතුරු මත රඳා පැවති අතර අවසන් වරට ආයතනයේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස දැරූ තනතුරට අදාළ ව්‍යවස්ථාපිත රාජකාරි සහ පරිපාලනමය, පර්යේෂණ හා උපදේශන සේවය ලබා ගන්නා ලදි.

(ඇ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks