04

E   |     |  

 දිනය: 2012-11-22   පිළිතුර ලබා දී ඇත 

2916/2012: "මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශය : විශ්‍රාම වැටුප

2916/’12

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන  හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රජයේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ ක්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණපාන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා විශ්‍රාම වැටුප නිවසටම ලැබෙන නව ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් 2010 වර්ෂයේ ඉදිරිපත් කළ “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබා දී තිබේද;

(ii) එසේ නම්, එම පොරොන්දුව පරිදි ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප නිවසටම ලැබෙන නව ක්‍රමය කවරේද;

(iii) ඉහත කී පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති නම්, එයට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-22

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      තිබේ.

               (ii)      මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ පාන දුෂ්කරතා සහ අනවශ්‍ය ප්‍රමාද වළක්වා ගැනීම සඳහා විශ්‍රාම වැටුප් නිවසටම ලැබෙන ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට දී  ඇති ප්‍රතිඥාවට අනුව ග්‍රාම නිලධාරින් වෙත පහත පරිදි බලතල පැවරීමට ක්‍රියා කර ඇත.

විශේෂයෙන්ම බැංකු පද්ධතිය හරහා විශ්‍රාම වැටුප් ගෙවීමේ නව ක්‍රමවේදයට අනුව වාර්ෂික පදිංචි සහතික ලබා ගැනීම, වැන්දඹුවන්ගේ විවාහක  අවිවාහක බව සනාථ කර ගැනීම ආදිය සඳහා කටයුතු කිරීම.

එමෙන්ම වයස්ගත වීම/රෝගී තත්ත්වයට පත් වීම/ ‍රෝහල්ගත වීම වැනි හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට බැංකුවට හෝ තැපැල් කාර්යාලයට යෑමට නොහැකි අවස්ථා ඇති වේ. එවැනි අවස්ථාවලදී බැංකුවෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නේ නම් ළඟම ඇති තැපැල් කාර්යාලයට විශ්‍රාම වැටුප මාරු කර ගැනීමට උපදෙස් දී ඇත.

මෙහිදී තැපැල් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ලබා ගනී නම් සුදුසු භාරකරුවකුට එම වැටුප ලබා ගැනීම නිර්දේශ කළ හැක.

භාරකරු නිර්දේශ කිරීමේදී එම මුදල් විශ්‍රාමිකයන්ගේ යහපත පිණිස යොදවන හා ඔහුට/ඇයට රැකවරණය පෝෂණය සලසනවාද යන්න ගැන විශේෂ අවධානය යොමු කරයි. ආරම්භයක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන අතර එහි ගැටලු ඇති වේ නම් තවදුරටත් සහන සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

(iii) ඉටු කරගෙන යමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks