පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2413/2026
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ රාජ්‍ය ආයතන සඳහා වෙන් කරන ලද, නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ මුළු ඉඩම් ප්‍රමාණය සහ ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;
(ii) 2026.07.01 දින වනවිට විවිධ ආයතන සඳහා ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය සහ ඉඩම් කැබලි සංඛ්‍යාව එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ රජයට අයත් ඉඩම් කැබලි පෞද්ගලික පාර්ශ්වයන්ට පවරාදී තිබේද;
(ii) එසේ නම්, එම පැවරීම් සඳහා පදනම, ඉඩම් ප්‍රමාණය, වටිනාකම සහ කාලසීමාව කවරේද;
(iii) නොඑසේ නම්, එම ඉඩම් සින්නක්කරව පවරාදී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) රාජ්‍ය කටයුතු සඳහා පවරාගත් ඉඩම් පෞද්ගලික පාර්ශ්වයන්ට පැවරීමේ නීතිමය තත්ත්වය කවරේද;
(ii) එවැනි පැවරීම් නීතිවිරෝධී බව තහවුරු වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-21
අසන ලද්දේ
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඉඩම් ප්‍රමාණය - අක්කර 14 රූඩ් 2 පර්චස් 20.51යි.
ඉඩම් කැබලි සංඛ්‍යාව - 21
(ii) රාජ්‍ය ආයතන සඳහා බැහැර කර ඇති ඉඩම් පිළිබඳ විස්තර ඇමුණුම 01හි දක්වා ඇත.
ඇමුණුම 01:
(ආ) (i) ඔව්.
සංවර්ධන කටයුතු සඳහා බැහැර කිරීමට වෙන් කරන ලද ඉඩම් කොටස් සම්බන්ධව පෞද්ගලික පාර්ශ්වයන්/ආයතන විසින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන අදාළ අනුමැතීන්ට යටත්ව බදු පදනම යටතේ එම ඉඩම් කොටස් පෞද්ගලික පාර්ශ්වයන් හා ආයතන වෙත බැහැර කර ඇත.
(ii) ඒවා පවරා දී ඇති පෞද්ගලික පාර්ශ්ව ගැනයි අහලා තිබෙන්නේ. ආයතන 3කට භාර දීලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම 02:
(iii) නැත.
උක්ත ඉඩම් කොටස් සින්නක්කර පදනම යටතේ බැහැර කර නොමැත. (එම ඉඩම් කොටස් 30 අවුරුදු බදු පදනමින් පමණක් බැහැර කර ඇත.)
(ඇ) (i) මෙම ඉඩම් පවරා ගැනීමේ කොන්දේසි යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සඳහා යොදාගත හැකි ලෙස ඉඩම් අත්කර ගැනීමේ පනතේ 44 වන වගන්තිය යටතේ බලය පැවරීමක් කර ඇත. (44 වන පැවරුම් සහතිකය ඇමුණුම 03 ලෙස දක්වා ඇත.)
ඇමුණුම 03 සභාගත* කරමි.
නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කරගෙන ඇති ඉඩම් කොටස් 2018 වර්ෂයට පෙර රාජ්‍ය/අර්ධ රාජ්‍ය/පෞද්ගලික ආයතන හෝ පෞද්ගලික පාර්ශ්වයන් විසින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල අනුමැතිය සහ විෂය භාර අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඉල්ලුම් කරන ලද ඉඩම් කොටස් සංවර්ධන කටයුතු සඳහා බදු පදනම යටතේ බැහැර කර ඇත.
ඒ අනුව, ඇමුණුම 02හි දක්වා ඇති පෞද්ගලික පාර්ශ්වයන් සඳහා ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඉඩම් කොටස් 3ක් එවකට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල අනුමැතිය සහ විෂය භාර අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව බැහැර කර ඇත.
(ii) සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික පාර්ශ්වයන් වෙත/ආයතන වෙත ඉඩම් බැහැර කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් එවකට අනුගමනය කරන ලද ඉඩම් බැහැර කිරීමේ ප්‍රතිපත්ති ප්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල තීරණයන් හා විෂය භාර ගරු අමාත්‍යතුමාගේ අනුමැතීන් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ඉඩම් බැහැර කිරීම් සිදු කර ඇත.
කෙසේ වෙතත්, එම බැහැර කිරීම් නීති විරෝධි බවට තීරණයක් ලදහොත් එම තීරණය පරිදි ඉදිරි කටයුතු සිදු කළ හැක.
(ඈ) ඉහත (ඇ) (ii)ට අදාළ පිළිතුරෙහි සඳහන් පරිදි කටයුතු කරනු ලැබේ.
පිළිතුරු දුන් දිනය
2026-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks