පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— ආරක්ෂක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්රී ලංකා නාවික හමුදාව සතුව හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම් සහිත ගැඹුරු මුහුදේ යාත්රා කළ හැකි නෞකා තිබේද;
(ii) එසේ නම්, එම නෞකාවල හෙලිකොප්ටර් ගොඩබා සුරක්ෂිත කිරීමේ (deck-lock/harpoon) පද්ධති තිබේද;
(iii) නාවික හමුදාව සතුව ‘නාවික ගුවන් අංශයක්’ තිබේද;
(iv) නොඑසේ නම්, එවැනි අංශයක් පිහිටුවීම සඳහා යෝජනාවක්, සංකල්ප පත්රිකාවක් හෝ අමාත්ය මණ්ඩල පත්රිකාවක් සකස් කර තිබේද;
(v) එසේ නම්, එය ඉදිරිපත් කළ දිනය සහ වර්තමාන තත්ත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නාවික හමුදාව සඳහා ගුවන් නියමුවන් බඳවාගෙන තිබේද;
(ii) එසේ නම්, බඳවාගත් නිලධාරින් සංඛ්යාව, බඳවාගැනීම සිදු කළ වර්ෂය, අනුමත තනතුරු නාමය, පුහුණුව ලබා දුන් හෝ ලබා දීමට නියමිත ආයතනය සහ අනුමැතිය ලබා දුන් බලධාරින් කවුරුන්ද;
(iii) එලෙස බඳවාගත් නිලධාරින් වර්තමානයේ ඉටු කරනු ලබන රාජකාරි කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්යාංශය
ආරක්ෂක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks