පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— ආරක්ෂක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මුහුදේ සිදු කරනු ලබන සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පවතින වර්තමාන ක්රියාපටිපාටිය කවරේද;
(ii) 2025 සහ 2026 වර්ෂවලදී මුහුදේ සිදු කළ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සංඛ්යාව කොපමණද;
(iii) ඉන් ගුවන් සහාය ලබා දුන් මෙහෙයුම් සංඛ්යාව කොපමණද;
(iv) එම මෙහෙයුම් සඳහා සාමාන්ය ප්රතිචාර කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ‘දිට්වා’ සුළිකුණාටුව සමයේ මුහුදු හා ගංගා ආශ්රිත ගලවා ගැනීම් සඳහා ගුවන් යානා යෙදවීමේදී හඳුනාගත් අඩුපාඩු සහ ඒවා නිවැරදි කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(ii) 2026 ජුනි මාසයේදී එක්සත් ජනපදයෙන් නාවික හමුදාවට ලැබුණු වෙරළාරක්ෂක නෞකාවට හෙලිකොප්ටර් මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව තිබේද;
(iii) එසේ නම්, එය මේ වනවිට භාවිත කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්යාංශය
ආරක්ෂක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks