පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— ආරක්ෂක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) එක්සත් ජනපදය විසින් මෑතකදී ශ්රී ලංකාවට ලබා දුන් ‘TH-57 සී රේන්ජර්’ හෙලිකොප්ටර් යානා —
(i) ලබා ගැනීම සඳහා ශ්රී ලංකා රජය ඉල්ලීමක් කළ දිනය සහ එක්සත් ජනපදයේ අනුමැතිය ලැබුණු දිනය කවරේද;
(ii) ලබා ගැනීමේ ගිවිසුම අත්සන් කළ දිනය, එහි පාර්ශ්වකරුවන් සහ ලැබුණු ආකාරය (පරිත්යාගයක්ද, ණයක්ද, විකුණුමක්ද) කවරේද;
(iii) ඇස්තමේන්තුගත වෙළඳපොළ වටිනාකම එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද;
(iv) අතිරික්ත ආරක්ෂක උපකරණ (EDA) ලේඛනවල දැක්වෙන මුල් මිලදී ගැනීමේ වටිනාකම සහ වත්මන් වටිනාකම කවරේද;
(v) යෙදවීමට අපේක්ෂිත ප්රධාන කාර්යයන් කවරේද;
(vi) මෙරටට ගෙන්වා ගැනීම දක්වා ශ්රී ලංකා රජය දැරූ මුළු වියදම කොපමණද;
(vii) ලැබීමෙන් පසු අලුත්වැඩියා කිරීම, යළි ගුවන්ගත කිරීම සහ සහතික කිරීම සඳහා වැය කළ මුදල කොපමණද;
(viii) මේ දක්වා ගුවන්ගතවී ඇති මුළු පියාසර පැය ගණන සහ ඉතිරි පියාසර පැය ගණන එක් එක් යානයේ ලියාපදිංචි අංකය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්යාංශය
ආරක්ෂක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks