පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මධ්යම පළාත් සභාවේ ක්රීඩා අමාත්යාංශය මඟින් වාර්ෂිකව පළාත් ක්රීඩා තරඟාවලියක් පවත්වනු ලබන බවත්;
(ii) එම තරඟාවලියට අදාළව ජයග්රාහකයන් සඳහා වර්ෂයට අදාළව ක්රීඩා වර්ණ ප්රදානෝත්සවයක් පවත්වනු ලබන බවත්;
(iii) එය එළඹෙන වර්ෂයේ පළාත් ක්රීඩා තරඟයේ අවසන් දිනට පෙර පවත්වා වර්ණ ප්රදානය කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2025 වර්ෂයේ මධ්යම පළාත් ක්රීඩා වර්ණ ප්රදානෝත්සවය සඳහා ප්රතිපාදන වෙන් කර තිබේද;
(ii) එසේ නම්, වෙන් කළ ප්රතිපාදන ප්රමාණය කොපමණද;
(iii) ප්රතිපාදන වෙන් කිරීමෙන් පසුව වර්ණ ප්රදානෝත්සවය පැවැත්වීමට නියම කරනු ලැබූ දිනය කල් තබා තිබේද;
(iv) එසේ නම්, කල් දමන ලද වාර ගණන කොපමණද;
(v) වර්ණ ප්රදානෝත්සවය මේ වනවිට පවත්වා අවසන් කර තිබේද;
(vi) නොඑසේ නම්, පැවැත්වීමට නියමිත දිනය කවරේද;
(vii) එම උත්සවය නොපවත්වන්නේ නම්, ඒ සඳහා වෙන් කළ ප්රතිපාදනවල වර්තමාන තත්ත්වය කවරේද;
(viii) 2026 වර්ෂයට අදාළ මධ්යම පළාත් ක්රීඩා අවසන් මහා තරඟය සඳහා දින නියම කර තිබේද;
(ix) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks