E   |   த   |  

 දිනය: 2026-09-25   පිළිතුර ලබා දී ඇත 

2380/2026: Selection criteria of the officers in Youth societies

ගරු හර්ෂණ රාජකරුණා මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)       යෞවන සමාජවල නිලධාරින් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය කවරේද;

            (ii)       2025 හා 2026 වර්ෂවලදී විසුරුවා හරින ලද හෝ ප්‍රතිසංවිධානය කරන ලද යෞවන සමාජ සංඛ්‍යාව දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අනාගත අභිවෘද්ධිය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ 04ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ තරුණ වැඩසටහන සඳහා පත් කරන ලද අමාත්‍ය කමිටුවේ සාමාජිකයන් කවරේද;

(ii) එම කමිටුව රැස්වූ වාර ගණන කවරේද;

(iii) එම කමිටුව විසින් මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රතිඵල සහ එමඟින් ප්‍රතිලාභ ලැබූ තරුණ තරුණියන් සංඛ්‍යාව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-25

අසන ලද්දේ

ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks