01

E   |   த   |  

 දිනය: 2026-09-25   පිළිතුර ලබා දී ඇත 

2379/2026: Estimated cost for three Sports development programmes

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (1)

 (අ)       (i)       ‘ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම’, ‘ග්‍රාමීය පාසල් හා යෞවන සමාජ සඳහා ක්‍රීඩා යටිතල පහසුකම්’ සහ ‘හඳුනාගත් ක්‍රීඩා පාසල් සංවර්ධනය’ යන ව්‍යාපෘති 03හි ඇස්තමේන්තුගත මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එක් එක් ව්‍යාපෘතිය යටතේ 2025 සහ 2026 වර්ෂවල වැඩ ආරම්භ කරන ලද ස්ථාන සංඛ්‍යාව දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙම ව්‍යාපෘති සඳහා ග්‍රාමීය පාසල් සහ යෞවන සමාජ තෝරා ගැනීමේ නිර්ණායක කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එක් එක් ව්‍යාපෘතිය සඳහා 2025 සහ 2026 වර්ෂවල වෙන් කළ ප්‍රතිපාදන සහ තථ්‍ය වියදම කොපමණද;

(ii) එම වර්ෂ සඳහා වෙන් කළ මුළු ප්‍රතිපාදනය භාවිතා කර තිබේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-25

අසන ලද්දේ

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks