පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ චමින්ද්රාණී කිරිඇල්ල මහත්මිය,— තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘Mission Olympics 2028 - Journey to the Rings’ වැඩසටහන යටතේ මේ වනවිට ගිවිසුම්ගත කර ඇති ක්රීඩක ක්රීඩිකාවන් සංඛ්යාව කොපමණද;
(ii) එම සංඛ්යාව එක් එක් ක්රීඩාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ලද නිර්ණායක සහ තේරීම් කමිටු සංයුතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2025 සහ 2026 වර්ෂ සඳහා —
(i) මෙම වැඩසටහනට වෙන් කරන ලද ප්රතිපාදන සහ තථ්ය වියදම;
(ii) එක් ක්රීඩකයෙකු සඳහා දරන ලද සාමාන්ය වාර්ෂික පිරිවැය;
(iii) විදේශීය පුහුණුව සහ පුහුණුකරුවන් සඳහා දරන ලද වියදම;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) 2028 වර්ෂයේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා අවශ්ය මුළු ඇස්තමේන්තුගත මුදල කොපමණද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-25
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්යාංශය
තරුණ කටයුතු සහ ක්රීඩා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks