පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) විදේශ රටවල මේ වනවිට පිහිටුවා ඇති ශ්රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, කොන්සල් ජනරාල් කාර්යාල සහ කොන්සල් කාර්යාල සංඛ්යාව, ඒවා සතු කාර්යභාරය සහ වගකීම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම කාර්යාලවල කිසිදු වැටුපක් හෝ වෙනත් ප්රතිලාභයක් නොලබා ගරු සේවයේ යෙදී සිටින නිලධාරින් සිටින්නේද;
(iii) එසේ නම්, එම නිලධාරින්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම කාර්යාල සහ කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව වැය කරන මුදල කොපමණද;
(ii) එම වියදමට සාපේක්ෂව එම කාර්යාල මඟින් ශ්රී ලංකාවට ලැබෙන ප්රතිලාභ පිළිබඳ තක්සේරුවක් අර්ධ වාර්ෂිකව/වාර්ෂිකව සිදු කරන්නේද;
(iii) එසේ නම්, එය සිදු කරන ආකාරය කවරේද;
(iv) අවම කාර්ය සාධනයක් සහිත කාර්යාල හඳුනාගෙන තිබේද;
(v) එසේ නම්, එම කාර්යාල කවරේද;
(vi) එම කාර්යාලවල කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්රී ලංකා දූත මණ්ඩල අලුතින් ආරම්භ කළ යුතු රටවල් හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, එම රටවල් සහ ඒ සඳහා හේතු කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-09
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks