පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2359/2026
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2025 වර්ෂයේ සිට 2029 වර්ෂය දක්වා කාලය තුළ අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සවිබල ගැන්වීමට අපේක්ෂිත පවුල් සංඛ්යාව කොපමණද;
(ii) එම පවුල් අතරින් අස්වැසුම ප්රතිලාභී සහ අස්වැසුම නොලබන සමෘද්ධි පවුල් සංඛ්යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) අස්වැසුම යෝජනා ක්රමයේ සංක්රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩවල පවුල් අතරින් ගෙවීම් අත්හිටුවා ඇති පවුල් සංඛ්යාව 2025 සහ 2026 වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2026 අගෝස්තු 01 දින වනවිට එම වැඩසටහන යටතේ ලියාපදිංචි කර ඇති පවුල් සංඛ්යාව දිස්ත්රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පවුල් අතරින් ජීවනෝපාය ප්රදාන, ව්යාපාර ප්රාග්ධනය, වෘත්තීය පුහුණුව හෝ රැකියා ලබාදී ඇති පවුල් සංඛ්යාව කොපමණද;
(iii) 2025 වර්ෂය සඳහාවූ ඉලක්කයට සාපේක්ෂව සවිබල ගැන්වීම සම්පූර්ණ කළ පවුල් සංඛ්යාව කොපමණද;
(iv) 2026 වර්ෂය තුළ අස්වැසුම ප්රතිලාභී පවුල් ඵලදායි ආර්ථික කටයුතුවලට යොමු කිරීමේ ඉලක්කයට සාපේක්ෂව වර්තමාන ප්රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-24
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්යාංශය
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks