01

E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

2358/2026: Review and updating of the Aswesuma beneficiary database

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2026 ජූලි 31 දින වනවිට ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම අයදුම්කරුවන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණ කළ පවුල් සංඛ්‍යාව සහ එය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ප්‍රතිලාභ අහිමිවූ පවුල් සංඛ්‍යාව දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දෙවන අදියරේ සුදුසුකම්ලාභී නාම ලේඛන සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා හා විරෝධතා සංඛ්‍යාව, ඉන් විභාග කර අවසන් කර ඇති සංඛ්‍යාව සහ මුල් තීරණය සංශෝධනයවූ අවස්ථා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) දෝෂ සහිත දත්ත හේතුවෙන් සුදුසුකම් නොලබන පවුල් ප්‍රතිලාභ ලබා ඇති සහ සුදුසුකම් සහිත පවුල් සඳහා ප්‍රතිලාභ අහිමිවූ බවට හඳුනාගෙන ඇති අවස්ථා සංඛ්‍යාව කොපමණද;

(v) සුදුසුකම් නොලැබූ පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීම හේතුවෙන් සිදුවී ඇති රාජ්‍ය මූල්‍ය පාඩුව කොපමණද;

(vi) වත්මන් නිර්ණායක සංශෝධනය කර නව නිර්ණායක යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks