පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුරංග රත්නායක මහතා,— මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2026 අප්රේල් මාසයේදී ‘අස්වැසුම’ දත්ත පද්ධතියේ මතුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ ද්විත්ව ගෙවීම් යටතේ ගෙවා ඇති මුදල සහ එලෙස ගෙවීම් ලැබූ ප්රතිලාභීන් සංඛ්යාව කොපමණද;
(ii) ඒ අතරින් මේ වනවිට අයකරගෙන ඇති මුදල කොපමණද;
(iii) ඉතිරි මුදල අයකර ගැනීම සඳහා ගනු ලබන ක්රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම තාක්ෂණික දෝෂය සඳහා වගකිව යුතු පාර්ශ්ව හඳුනාගැනීම සඳහා විමර්ශනයක් සිදු කර තිබේද;
(ii) එසේ නම්, එහි නිගමන කවරේද;
(iii) අස්වැසුම දත්ත පද්ධතිය සහ ගෙවීම් පද්ධතිය පිළිබඳ ස්වාධීන තොරතුරු තාක්ෂණ විගණනයක් සිදු කිරීමට කටයුතු කර තිබේද;
(iv) එසේ නම්, එම විගණනය සිදු කරන ලද දිනය සහ ආයතනය කවරේද;
(v) ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-24
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks