පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— පරිසර අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මන්නාරම සහ මුලතිව් දිස්ත්රික්කවල —
(i) වෙරළ ඛාදනයට ලක්ව ඇති/ලක්වන වෙරළබඩ ප්රදේශ සහ ගම්මාන පිළිබඳ තොරතුරු අමාත්යාංශය සතුව තිබේද;
(ii) එසේ නම්, බලපෑමට ලක්වූ ප්රදේශ, පවුල් හා පුද්ගලයන් සංඛ්යාව, ධීවර පවුල් සහ නිවාස සංඛ්යාව, ඉඩම්, ධීවර තොටුපළ ඇතුළු පොදු යටිතල පහසුකම්වලට සිදුව ඇති හානි, එක් එක් දිස්ත්රික්කය, ප්රාදේශීය ලේකම් කොට්ඨාසය හා ග්රාම නිලධාරි කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත දිස්ත්රික්කවල අනාගතයේදී වෙරළ ඛාදනයට වැඩි වශයෙන් ලක්විය හැකි ප්රදේශ විද්යාත්මකව හඳුනාගෙන තිබේද;
(ii) එම ප්රදේශවල ඛාදනය වැළැක්වීමට වෙරළ ආරක්ෂණ බැමි, වෙරළ සංරක්ෂණ, ස්වාභාවික ආරක්ෂණ හෝ වෙනත් ව්යාපෘති ක්රියාත්මක කර තිබේද;
(iii) බලපෑමට ලක්වූ ජනතාවගේ පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට නිලධාරින් හෝ සම්බන්ධීකරණ කමිටු පත් කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-09
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්යාංශය
පරිසර
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks