01

E   |   த   |  

 දිනය: 2026-10-08   පිළිතුර ලබා දී ඇත 

2355/2026: Vacancies of Base hospitals in Vavuniya, Mannar and Mullativu Districts

ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මන්නාරම, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය මූලික රෝහල්වල අනුමත කාර්ය මණ්ඩලය, මේ වනවිට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය සහ පුරප්පාඩු ඇති තනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම රෝහල් අතරින් ගිලන්රථ පහසුකම් නොමැති හෝ ප්‍රමාණවත් ගිලන්රථ පහසුකම් නොමැති රෝහල් කවරේද;

(iii) එම රෝහල් සඳහා ගිලන්රථ ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන සිද්ධ වෛද්‍ය රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සංඛ්‍යාව රෝහල අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම රෝහල් අතරින් නේවාසික පහසුකම් සහිත රෝහල් සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවායේ අනුමත කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් පුරවා තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මන්නාරම සිලාවතුර රෝහල සහ ඉරණඉලුප්පෙයිකුලම් ප්‍රාථමික සෞඛ්‍ය රෝහල උත්ශ්‍රේණිගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබඳව දන්නේද;

(ii) එසේ නම්, උත්ශ්‍රේණිගත කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iii) එම රෝහල් උත්ශ්‍රේණිගත කිරීමට අපේක්ෂිත කාලරාමුව කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-10-08

අසන ලද්දේ

ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks