පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2870/’12
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දෘෂ්‍ය හා ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලය මගින් ප්‍රවේශ අවශ්‍යතාවයක් ලෙස ක්‍රියාත්මක කරන ලද අභියෝගතා පරීක්‍ෂණය නතර කිරීමට හේතු කවරේද;
(ii) ඉහත කී අභියෝගතා පරීක්‍ෂණය නතර කිරීම සඳහා වූ තීරණය ගැනීමට පෙර විශ්වවිද්‍යාල නිලධාරීන් සමග සාකච්ඡා කිසිවක් පවත්වන ලද්දේද;
(iii) නොඑසේ නම්, එවැනි සාකච්ඡාවක් නොපැවැත්වීමට හේතු කවරේද;
(iv) එසේ නම්, ප්‍රවේශ අවශ්‍යතාවයක් ලෙස අභියෝගතා පරීක්‍ෂණය පැවැත්වීම නතර කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල නිලධාරීන් දරන ලද ස්ථාවරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) තම හිතවත් අයැදුම්කරුවන්ට කථිකාචාර්යවරුන් පක්ෂපාතී වන්නේය යන පදනම මත අභියෝගතා පරීක්ෂණය දූෂිත බවට අයදුම්කරුවන්ගෙන් අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පෙත්සම් ලැබී තිබේද;
(ii) එසේ නම්. මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ පරීක්ෂණයක් නොපැවැත්වීමට හේතුව කවරේද;
(iii) ඉහත කී අභියෝගතා පරීක්ෂණයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය උත්සාහ දරනු ලැබ තිබුනේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-28
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)
(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඊට හේතු පහත පරිදි වේ.
* අභියෝගතා පරීක්ෂණයේදී අක්‍රමිකතා සිදු වන බවත්, එමඟින් තමන්ට අසාධාරණයක් සිදු වන බවත් සඳහන් කරමින් සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිත සහ වාචික පැමිණිලි යොමු කිරීම.
* සෞන්දර්ය විෂයන් සඳහා අපොස උසස් පෙළ විභාගයේදී ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් නැවතත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ද එවැනි වූ ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ඇතැම් ආචාර්ය මහාචාර්යවරු ප්‍රශ්න මතු කිරීම.
* අභියෝගතා පරීක්ෂණ පැවැත්වීම සඳහා සහ එම පරීක්ෂණයන්හි ප්‍රතිඵල ඒ ඒ විශ්වවිද්‍යාල විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දීම සඳහා වැඩි කාල සීමාවක් ගත වීම හේතුවෙන් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම.
* අභියෝගතා පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ ඒ විශ්වවිද්‍යාල විසින් පළ කරනු ලබන පුවත් පත් දැන්වීම් අවධානයට ලක් නොවන සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අදාළ z ලකුණු සම්පූර්ණ කර තිබුණද විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වීම සම්බන්ධයෙන් ගැටලු පැන නැඟීම.
(ii) ඔව්.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) (i) ඔව්.
(ii) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව ලැබුණු ලිඛිත පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම විශ්වවිද්‍යාලයෙහි උපකුලපතිගේ විශේෂ අවධානය යොමු කර ඇත. එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර විනිවිදභාවයකින් යුතුව එම පරීක්ෂණ සිදු කරන ලෙසද දන්වා යවා ඇත.
(iii) ඔව්. මේ පිළිබඳව අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගේ රැස්වීම්වලදී මෙම විනිවිදභාවය වැඩි කිරීමට අවශ්‍ය උපදෙස් දෙනු ලැබ ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks