පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2353/2026
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) උතුරු පළාතෙන් අනෙකුත් පළාත්වලටත්, අනෙකුත් පළාත්වලින් උතුරු පළාතටත් ස්ථාන මාරුවීම් ලබා වර්ෂ 10කට වැඩි කාලයක් සේවය කළද, තමන්ගේ මුල් පළාත් වෙත යළි ස්ථාන මාරුවීම් ලබා ගැනීමට නොහැකිව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේද;
(ii) එම ගුරුවරුන්ගේ දිගු කාලීනව පවුලෙන් වෙන්ව සිටීම, මානසික යහපැවැත්ම, ඉගැන්වීමේ කාර්ය සාධනය සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබේද;
(iii) සේවා අවශ්‍යතා සහ පාසල්වල ගුරු හිඟය සැලකිල්ලට ගනිමින්, මානුෂීය පදනම මත එම ගුරුවරුන්ට තම මුල් පළාත් වෙත ස්ථාන මාරුවීම් ලබා දීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-21
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks