පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2021 වර්ෂයේ සිට 2026 වර්ෂයේ මේ දක්වා වූ කාලසීමාව තුළ ලියාපදිංචි කරන ලද ඩෙංගු රෝගීන් සංඛ්යාව, එක් එක් දිස්ත්රික්කය සහ වර්ෂය අනුව;
(ii) එම කාලසීමාව තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්යාව, දිස්ත්රික්කය සහ වර්ෂය අනුව;
(iii) 2026 වර්ෂයේ මේ දක්වා ලියාපදිංචි කරන ලද ඩෙංගු රෝගීන් සංඛ්යාව සහ මියගිය සංඛ්යාව, එක් එක් දිස්ත්රික්කය, මාසය, වයස් කාණ්ඩය සහ ස්ත්රී-පුරුෂ සමාජභාවය අනුව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්රික්ක සහ සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාස කවරේද;
(ii) 2025 සහ 2026 යන වර්ෂවලදී ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජාතික, පළාත්, දිස්ත්රික් සහ පළාත් පාලන ආයතන මට්ටමින් රජය විසින් ගෙන ඇති ක්රියාමාර්ග කවරේද;
(iii) එම ක්රියාමාර්ග සඳහා එක් එක් වර්ෂයේ වෙන් කළ සහ වැය කළ මුදල් ප්රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-08
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්යාංශය
සෞඛ්ය සහ ජනමාධ්ය
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks