01

E   |   த   |  

 දිනය: 2026-10-09   පිළිතුර ලබා දී ඇත 

2333/2026: Number of Magistrate�s Courts and Magistrate Judges in Sri Lanka

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින මහාධිකරණ සංඛ්‍යාව කොපමණද;

            (ii)       2017 අංක 26 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත මඟින් ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි උපරිම මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 75 සිට 110 දක්වා ඉහළ නංවා ඇති බව දන්නේද;

(iii) 2026.08.01 දින වනවිට ශ්‍රී ලංකාවේ සිටින මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉදිරියේදී මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නේද;

(v) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(vi) එම මහාධිකරණ පිහිටුවීමට නියමිත ස්ථාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට පවතින සිවිල් අභියාචනා මහාධිකරණ සංඛ්‍යාව කොපමණද;

(ii) එම සිවිල් අභියාචනා මහාධිකරණ සඳහා යොදවා ඇති මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) ශ්‍රී ලංකාවේ පවතින වාණිජ මහාධිකරණ සංඛ්‍යාව කොපමණද;

(iv) වාණිජ මහාධිකරණ සඳහා යොදවා ඇති මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) අනුමත කර ඇති 110ක් වූ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 2026.08.01 දින වනවිට සම්පූර්ණයෙන් පත් කර නොතිබීමට හේතුව කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-10-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks