පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024 වර්ෂයේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කරන ලද ‘ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ජාතික ප්රතිපත්තිය 2024-2034’ පිළිබඳව දන්නේද;
(ii) එම ප්රතිපත්තියේ සඳහන් පරිදි ශ්රී ලංකාව තුළ වෘත්තිකයන් ලෙස රජයේ ලියාපදිංචිවී නොමැති පරම්පරාගත වෛද්යවරුන්ගේ ‘පාරම්පරික වෛද්ය දැනුම’ සහ භාවිතයන් ශක්තිමත් කිරීම සහ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ආදිවාසීන්ගේ සහ පාරම්පරික ප්රජාවන්ගේ ‘බුද්ධිමය දේපල’ අයිතිවාසිකම් පිළිගන්නේද;
(iii) එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම පාරම්පරික ප්රජාවන්ගේ ‘බුද්ධිමය දේපල’ අයිතිවාසිකම් මේ වනවිට පවතින පනත මඟින් ආරක්ෂා කර ඇති බව පිළිගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-09
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
සෞඛ්ය සහ ජනමාධ්ය
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks