01

E   |   த   |  

 දිනය: 2026-09-23   පිළිතුර ලබා දී ඇත 

2331/2026: Development of the Indigenous Medicine System

ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය ක්‍රම ප්‍රභවය වන රටවල් කවරේද;

             (ii)      එම වෛද්‍ය ක්‍රම ‘දේශීය වෛද්‍ය ක්‍රම’ ලෙස සලකනු ලබන පදනම කවරේද;

            (iii)      ශ්‍රී ලංකාවට ආවේණිකවූ දේශීය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයක් පවතින බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දේශීය පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සඳහා වන නීති කෙටුම්පත සැකසීමේ ක්‍රියාවලිය තුළ පාරම්පරික වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් අවස්ථාවක් ලබාදී තිබේද;

 (ii) නොඑසේ නම්, ඒ මන්ද;

(iii) දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය සම්බන්ධ දැනුම ආයතනික ක්‍රමවේදයක් ඔස්සේ ලබා දීමේ හැකියාවක් තිබේද;

(iv) එසේ නම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් එම පාරම්පරික දැනුම සම්පූර්ණයෙන්ම ලබා ගත හැකි වන්නේද;

(v) නොඑසේ නම්, ඒ සඳහා පවතින විකල්පය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks