පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්රී ලංකාව තුළ මේ වනවිට සිටින පාරම්පරික වෛද්යවරුන් සහ ලියාපදිංචි ආයුර්වේද උපාධිධාරී වෛද්යවරුන් සංඛ්යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) උපාධිධාරී ආයුර්වේද වෛද්යවරයෙකු සහ පාරම්පරික වෛද්යවරයෙකු පුහුණු කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වෛද්ය කාණ්ඩ දෙක ශ්රී ලංකාවේ වෛද්ය ක්ෂේත්රයට දක්වන දායකත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ආයුර්වේද වෛද්ය ක්ෂේත්රයේ තීන්දු සහ තීරණ ගැනීමේ ක්රියාවලියේදී පාරම්පරික වෛද්යවරුන් සඳහා අඩු නියෝජනයක් ලබාදී තිබීමට හේතු කවරේද;
(ii) පවතින නියෝජන ක්රමවේදය වෙනස් කිරීම සඳහා පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-23
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
සෞඛ්ය සහ ජනමාධ්ය
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks