පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සිවිල් නඩු විධාන සංග්රහයේ 9 වගන්තියට අදාළව සංශෝධනයක් ගෙන ඒම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස කමිටුවක් පත්කර තිබේද;
(ii) එසේ නම්, එම කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;
(iii) එම කමිටුව පත්කරන ලද දිනය සහ කමිටුවේ නිර්දේශ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම වගන්තියට අදාළ සංශෝධන අනුමැතිය සඳහා කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන කාලරාමුව කවරේද;
(iii) මෙම වගන්තිය සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-23
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks