පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2326/2026
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2026.08.12 දින වනවිට සියලුම බන්ධනාගාරවල සිටින සැකකරුවන් සහ සිරකරුවන් සංඛ්‍යාව;
(ii) වයස අවුරුදු 20-30 අතර, 30-40 අතර, 40-50 අතර, 50-60 අතර, 60-70 අතර සහ 80ට වැඩි යන වයස් කාණ්ඩ අනුව සිටින සිරකරුවන් සංඛ්‍යාව;
(iii) එම සිරකරුවන් අතරින් රු.10,000/-, රු.15,000/-, රු.25,000/-, රු.50,000/- සහ රු.100,000/- ඉක්මවන දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මැගසින්, මහර, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල ඇතිවූ ගැටුම්වලින් මියගිය බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම නිලධාරින්ගේ නම්, තනතුරු සහ ලිපින කවරේද;
(iii) එම නිලධාරින් වෙනුවෙන් රජය විසින් වන්දි ලබාදී තිබේද;
(iv) එසේ නම්, එක් එක් නිලධාරියා සඳහා ලබාදී ඇති වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම ගැටුම් වලින් මේ වනවිට මියගොස් ඇති සිරකරුවන් සහ සැකකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-21
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සිරකරුවන් සංඛ්‍යාව - 10,611
සැකකරුවන් සංඛ්‍යාව - 28,408
(ii)
|
වයස් පරතරය අවුරුදු |
20-30 අතර |
30-40 අතර |
40-50 අතර |
50-60 අතර |
60-70 අතර |
70-80 අතර |
80ට වැඩි |
එකතුව |
|
සිරකරුවන් ප්‍රමාණය |
2,160 |
3,423 |
2,860 |
1,561 |
601 |
150 |
11 |
10,766 |
(iii)
|
ගෙවීමට ඇති දඩ මුදල රුපියල් |
10000-15000 |
15000-25000 |
25000-50000 |
50000-100000 |
100000ට වැඩි |
එකතුව |
|
සිරකරුවන් ප්‍රමාණය |
421 |
220 |
361 |
245 |
207 |
1,454 |
(ආ) (i) මැගසින්, මහර, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල ඇතිවූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරින් මියගොස් නැත.
(ii) ඉහත (i) පිළිතුර හා සබැඳේ.
(iii) ඉහත (i) පිළිතුර හා සබැඳේ.
(iv) ඉහත (i) පිළිතුර හා සබැඳේ.
(v)
|
මැගසින් |
මහර |
කුරුවිට |
පල්ලන්සේන |
|
01 |
01 |
02 |
නැත |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks