පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2300/2026
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ නරිපුල් තෝට්ටම්, කින්නයඩි, සන්දිවෙලි, මණ්ඩූර්, අම්බිලාන්තුරෙයි සහ කාන්ජිරන් කුඩා යන ප්‍රදේශවල පාලම් ඉදිකිරීමට යෝජනාවී ඇති බවත්;
(ii) එම පාලම් ඉදිකිරීම පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් වන බවත්;
(iii) ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මෙතෙක් එම පාලම් ඉදිකර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම පාලම් ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පවරා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) නරිපුල්තෝට්ටම් පාලම සඳහා ශක්‍යතා අධ්‍යයනය සහ විදුම් සිදුරු පරීක්ෂණ අවසන් කර තිබේද;
(ii) එසේ නම්, එම පාලම ඉදිකිරීමට කටයුතු කරන්නේද;
(iii) ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 850න් කොටසක් හෝ 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-21
අසන ලද්දේ
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks