01

E   |   த   |  

 දිනය: 2026-10-07   පිළිතුර ලබා දී ඇත 

2297/2026: Current status on Upper Gin-Nilwala Diversion project

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       දකුණු පළාතේ ගංවතුර පාලනය, වාරි කෘෂිකර්මාන්තය දියුණු කිරීම, පානීය ජල හා කර්මාන්ත ජල අවශ්‍යතා සපුරාලීම ඇතුළු අරමුණු රැසක් මුල්කර ගනිමින් දීර්ඝ කාලයකට පෙර යෝජනා කරන ලද ‘ඉහළ          ගිං-නිල්වලා ජල හරවා යැවීමේ ව්‍යාපෘතිය’ තවදුරටත් රජයේ සංවර්ධන සැලසුම් අතර පවතින්නේද;

(ii) එම ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;

  (iii) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන, පාරිසරික බලපෑම් ඇගයීම්, ඉංජිනේරු සැලසුම් සහ අනෙකුත් මූලික අධ්‍යයන කටයුතු අවසන් කර තිබේද;

  (iv) එසේ නම්, එම අධ්‍යයනවල ප්‍රධාන නිර්දේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   (i) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගෙන තිබේද;

(ii) නොඑසේ නම්, තවදුරටත් ලබාගත යුතු අනුමැතීන් කවරේද;

(iii) එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ දක්වා සැලසුම්කරණය, අධ්‍යයන සහ අනෙකුත් මූලික කටයුතු සඳහා රජය විසින් දරා ඇති මුළු වියදම කොපමණද;

(iv) රජය විසින් එම ව්‍යාපෘතිය නැවත සක්‍රිය කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේද;

(v) නොඑසේ නම්, ඒ සඳහා හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-10-07

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks