01

E   |   த   |  

 දිනය: 2026-09-24   පිළිතුර ලබා දී ඇත 

2293/2026: අනුරාධපුර, නෑගම්පහ ප්‍රාදේශීය රෝහල: වෛද්‍ය නිලධාරි පුරප්පාඩු

ගරු සුරංග රත්නායක මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, නෑගම්පහ ප්‍රාදේශීය රෝහල C ශ්‍රේණියට අයත් ප්‍රාදේශීය රෝහලක් බවත්;

            (ii)       එම රෝහලේ අනුමත කාර්ය මණ්ඩලය අනුව වෛද්‍ය නිලධාරින් තිදෙනෙකු සේවයේ නියුක්ත විය යුතු බවත්;

(iii) මේ වනවිට එම රෝහලේ එක් වෛද්‍ය නිලධාරියෙකු පමණක් සේවය කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවා සැපයීමේදී දුෂ්කරතා මතුව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම රෝහලේ පවතින වෛද්‍ය නිලධාරි හිඟය පියවා අවශ්‍ය වෛද්‍ය නිලධාරින් පත් කිරීමට කටයුතු කරන්නේද;

  (ii) එසේ නම්, ඒ සඳහා අපේක්ෂිත කාලසීමාව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නෑගම්පහ ප්‍රාදේශීය රෝහල "C" ශ්‍රේණියට අයත් වේ.

              (ii)      අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 2කි.

              (iii)      මේ වන විට එම රෝහලේ වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු සේවයේ යෙදෙන බැවින් වර්තමානයේ ගැටලුකාරී තත්ත්වයක් නොමැත.

(ආ)          (i)      අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 06 දක්වා ඉහළ නැංවීමට 2025 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

(ii) ආ(i)හි යෝජිත පරිදි අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව ඉහළ නැංවීමට අනුමැතිය ලද පසු පත්කිරීම් සිදු කළ යුතු වේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks