පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්රී ලංකාවේ මගීන් ප්රවාහනය සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථ සංඛ්යාව කොපමණද;
(ii) එම පෞද්ගලික බස් රථ නියාමනය කරනු ලබන ආයතනය කවරේද;
(iii) පෞද්ගලික බස් රථයක් මගී ප්රවාහනය සඳහා යෙදවීමේදී වාර්ෂිකව, මාසිකව හෝ දෛනිකව රජයට ගෙවිය යුතු බදු, බලපත්ර ගාස්තු සහ වෙනත් ගෙවීම් කවරේද;
(iv) එම ගෙවීම් සිදු කිරීමේදී මුදල් ලැබුණු බවට බස් රථ හිමියන් වෙත ලදුපත් නිකුත් කරන්නේද;
(v) එසේ නම්, එම ආයතනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දිවයිනේ බොහෝ පළාත්වල පිහිටි ප්රසිද්ධ බස් නැවතුම්පොළවල නතර කරනු ලබන බස් රථවලින් මුදල් අයකරනු ලබන පුද්ගලයන් සිටින බව දන්නේද;
(ii) එම පුද්ගලයන්ට බස් රථවලින් එලෙස මුදල් අයකර ගැනීම සඳහා නීතිමය බලයක් හෝ අවසරයක් තිබේද;
(iii) නොඑසේ නම්, එය වැළැක්වීම සඳහා ගනු ලබන ක්රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්යාංශය
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන අන්තර් පළාත් මගී සේවා අවසර පත්ර සහ පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියෙන් පළාත් තුළ ධාවනය සඳහා නිකුත් කරනු ලබන මගී සේවා අවසර පත්ර යටතේ පෞද්ගලික බස් රථ 19,646කි.
ඉලක්කම මේ විධියට සඳහන් වුණාට ඇත්තටම ධාවනය වන බස් රථ ප්රමාණය මීට වඩා වැඩි සංඛ්යාවක් තිබෙන්නේ.
(ii) අන්තර් පළාත් බස් රථ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නියාමනය කරයි; පළාත් තුළ ධාවනය වන බස් රථ, පළාත් ප්රවාහන අධිකාරිය මඟින් නියාමනය කරයි. (පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරි 9ක් පළාත් අනුව ක්රියාත්මක වේ.)
(iii) පහත පරිදි ගාස්තු අය කරන අතර, පළාත් අනුව වෙනස් විය හැකිය.
· වාර්ෂික අවසර පත්ර වලංගු කිරීමේ ගාස්තු
· ටෙන්ඩර් කරන ලද බලපත්රයක් නම් තාක්ෂණික අගය
· ලොග් පත්ර සහ පිවිසුම් සේවා ගාස්තු
· වලංගු කිරීම් ප්රමාද වුවහොත් ප්රමාද ගාස්තු
· 2021 වර්ෂයේ සිට ටෙන්ඩර් මාර්ග බලපත්ර සඳහා ටෙන්ඩර් වටිනාකමින් වර්ෂිකව සියයට 10ක මුදලක්
(iv) ඔව්.
(v) අදාළ ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හා අදාළ මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් අය කරනු ලබයි.
(ආ) (i) සමහර සිද්ධින් වාර්තා වී ඇත.
(ii) නැත.
(iii) විවිධ බස් නැවතුම් පොළවල සිට මුදල් අය කරන පුද්ගලයන්හට මුදල් ලබා නොදීමට බස් රථයේ සේවක කණ්ඩායම් දැනුවත් කරන ලෙස අවසර පත්ර හිමිකරුවන් ලිඛිතව සහ වාචිකව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, බස්නාහිර පළාත තුළ එවැනි පුද්ගලයන් පිළිබඳව වාර්තා කරන ලෙස අදාළ ප්රාදේශීය කළමනාකරු මඟින් සියලු පර්යන්ත දැනුවත් කර ඇත. එවැනි වාර්තා වීමක් සිදු වුවහොත්, ශ්රී ලංකා පොලීසිය මඟින් නීත්යනුකූල ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්ය) ප්රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks