පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අබූබකර් අතම්බාවා මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සායින්දමරුදු විවිධ සේවා සමුපකාර සමිතියේ පසුගිය කාලය තුළ සිදුවූයේ යැයි පැවසෙන මහා පරිමාණ දූෂණ හා අක්රමිකතා හේතුවෙන් සමිතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවත්;
(ii) ගොඩනැගිලි අඩු මුදලකට බදු දීම, ඇතැම් බදුකරුවන් විසින් ඒවා අතුරු බදු දීම සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ හිඟ බදු අයකරගෙන නොමැති වීම වැනි අක්රමිකතා සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සමිතියේ ශාඛා සංඛ්යාව, පසුගිය නිලවරණය පැවැත්වූ දිනය සහ වර්තමාන කටයුතු කවරේද;
(ii) පසුගිය නිලවරණය දක්වා අතුරු සභාවක් මඟින් පරිපාලනය කළ කාලසීමාව කොපමණද;
(iii) ඡන්ද නාමලේඛනයේ අක්රමිකතා, බහුතර සාමාජිකයන් වයෝවෘද්ධ පුද්ගලයන් වීම, නව සාමාජිකයන් බඳවා ගැනීම නිශ්චිත පිරිසකට සීමා වීම සහ සමිතියේ සමාජ දායකත්වය පිළිබඳ තරුණ ප්රජාව දැනුම්වත් නොවීම සම්බන්ධයෙන් ගැටලු ඇති බව පිළිගන්නේද;
(iv) දූෂණ හා අක්රමිකතා හේතුවෙන් සිදුවූ අලාභ අයකර ගැනීම සහ සමිතියේ පරිපාලන අක්රමිකතා නිවැරදි කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-09
අසන ලද්දේ
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.
අමාත්යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks