01

E   |   த   |  

 දිනය: 2026-10-06   පිළිතුර ලබා දී ඇත 

2289/2026: ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරින්: I ශ්‍රේණියට උසස් කිරීම

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)       2026 වර්ෂය සඳහා විදේශ රැකියා සඳහා යොමු කිරීමට ඉලක්කගත සංඛ්‍යාව කොපමණද;

            (ii)       2026.01.01 දින සිට 2026.06.30 දිනට විදේශ රැකියා සඳහා යොමු කළ සංඛ්‍යාව කොපමණද;

(iii) ඉලක්කගත සංඛ්‍යාව සපුරා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට තානාපතිවරයෙකු නොමැති ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ පුරප්පාඩුවී පවතින කාලසීමාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) දූත මණ්ඩල ප්‍රධානීන් අතරින් ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් සහ බාහිරව පත් කර ඇති සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා  සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 2025.01.01 දින සිට මේ දක්වා අමාත්‍යාංශය විසින් විදේශ සංචාර සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(ii) සංචාරය කරන ලද රටවල්, දිනයන්, සංචාරයට සම්බන්ධවූ සංඛ්‍යාව සහ සංචාරවල අරමුණු කවරේද;

(iii) එම එක් එක් සංචාරය සඳහා ගුවන් ගමන්, නවාතැන් සහ දීමනා ඇතුළු මුළු වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) අත්සන් කළ ගිවිසුම්, අවබෝධතා ගිවිසුම් සහ ලබාගත් ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-10-06

අසන ලද්දේ

ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දනිමි.

              (ii)      මෙතෙක් අයදුම්පත් කැඳවා ‍නැත.

            (iii)      2013 සේවා කණ්ඩායමට වඩා ජ්‍යෙෂ්ඨ වූ 2008 විවෘත කණ්ඩායම I ශ්‍රේණියට උසස් කිරීමට 2021.03.24 දින අයදුම්පත් කැඳවූවද, 2008 විවෘත හා 2009 සීමිත සේවා කණ්ඩායම්හි ජ්‍යෙෂ්ඨතාව තීරණය කිරීමට අදාළව 2009 සීමිත සේවා කණ්ඩායම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් නඩුවේ අතුරු තහනම් නියෝගයක් අනුව I ශ්‍රේණියට උසස් කිරීමේ කටයුතු සියල්ල තාවකාලිකව අත්හිටුවා පවත්නා තත්ත්වය - status quo - එලෙසින්ම පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලදී. පසුව එම අභියාචනාධිකරණ රිට් නඩුවේ තීන්දුව ලබා දුන්නද, එම නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, එකී ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑලට අදාළ අතුරු නියෝගයක් මඟින් මෙහි අවසාන නඩු විභාගය තෙක් අභියාචනාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. එබැවින්, I ශ්‍රේණියට උසස්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ වැඩිම සේවා කාලයක් සහිත සේවා කණ්ඩායම වන 2008 කණ්ඩායමේ සිට II ශ්‍රේණියට උසස්වීම් ලබා ඇති අනෙකුත් සේවා කණ්ඩායම් කිසිවක් I ශ්‍රේණියට උසස් කිරීමේ කටයුතු තවමත් ආරම්භ කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව I ශ්‍රේණියට උසස්වීම් ලබන නිලධාරින් තනතුරුවලට පත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 04/2023 අනුව සිදු කෙරේ. ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ සීමිත තනතුරු සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්, මේ වන විට I ශ්‍රේණියේ තනතුරුවලට පත් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු කණ්ඩායම්වලට සමාන අවස්ථා සලසා දීම වඩාත් සුදුසු වේ.

ඒ හේතුවෙන් මෙම  සියලු කණ්ඩායම් I ශ්‍රේණියට උසස් කිරීමට අදාළව පොදු අයදුම්පත් කැඳවීමේ නිවේදන හා අයදුම්පත් කෙටුම්පත් සකස් කර ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ පත්වීම් බලධරයා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති නමුත්, ඉහත සඳහන් අධිකරණමය කටයුතු අවසන්ව නොමැති හෙයින් මෙතෙක් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබී නොමැත.

(iv) නඩු කටයුතු පැවතීම හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ I ශ්‍රේණියට උසස්වීම් ලබන සේවා කණ්ඩායම් කිහිපයක්ම I ශ්‍රේණියට උසස් කිරීම සඳහා නියමිත කාලය තුළ අයදුම්පත් කැඳවීමක් සිදු කර නොමැත. සේවයක ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් උසස් නොකර කනිෂ්ඨ කණ්ඩායම් උසස් කිරීම තුළින් එම ජ්‍යෙෂ්ඨ සේවා කණ්ඩායම් ද අසාධාරණයට ලක් වන බැවින් මෙම කණ්ඩායමට පමණක් අසාධාරණයක් සිදු වී ඇති බව පිළිගැනීමට නොහැක.

(v) ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ පත් කිරීම් බලධරයා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තෙක් හෝ ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑලට අදාළ නඩු තීන්දුව ලබා දෙන තෙක් අමාත්‍යාංශය මඟින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැක. එකී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ/නඩු තීන්දු ලද විගස කඩිනමින් අයදුම්පත් කැඳවීමේ හැකියාව පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-10-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks