02

E   |   த   |  

 දිනය: 2026-09-25   පිළිතුර ලබා දී ඇත 

2285/2026: Fire Fighting service in Mannar and Mullativu Districts

ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල           —

              (i)      ප්‍රමාණවත් ගිනි නිවීම් සේවා පහසුකම් නොමැති බව දන්නේද;

             (ii)      මේ වනවිට ක්‍රියාත්මක ගිනි නිවීම් මධ්‍යස්ථාන සහ ගිනි නිවන රථවාහන සංඛ්‍යාව කොපමණද;

(iii) ගිනි ගැනීම්වලදී ක්ෂණික සහාය සැපයීම සඳහා ගත වන සාමාන්‍ය කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම දිස්ත්‍රික්කවල —

(i) ගිනි නිවීම් සේවා සඳහා අනුමත සේවක සංඛ්‍යාව සහ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(ii) පසුගිය වර්ෂ 03 තුළ ගිනි නිවීම් සේවා සංවර්ධනය සඳහා වෙන් කරන ලද සහ වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ගිනි නිවන භටයින්ට නවීන ආරක්ෂණ උපකරණ සහ විශේෂ මුදාගැනීමේ පුහුණුව ලබාදී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) එම දිස්ත්‍රික්කවල —

(i) සියලු පහසුකම්වලින් සමන්විත නවීන ගිනි නිවීම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන්නේද;

(ii) නව ගිනි නිවන වාහන සහ ජල බවුසර් ලබා දීමට අපේක්ෂිත දිනය කවරේද;

(iii) ගිනි නිවීම් සේවා සංවර්ධනය සඳහා කඩිනම් සැලසුම් නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-09-25

අසන ලද්දේ

ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks