01

E   |   த   |  

 දිනය: 2026-10-08   පිළිතුර ලබා දී ඇත 

2280/2026: Steps taken to restore Senanayaka Samudraya

ගරු එම්. එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අම්පාර දිස්ත්‍රික්කයේ, ගල්ඔය ව්‍යාපාරය යටතේ ඇති සේනානායක සමුද්‍රයේ වර්තමානයේ රඳවාගෙන ඇති ජල ප්‍රමාණය අක්කර අඩිවලින් කොපමණද;

(ii) 1992 වර්ෂයේ සිට සේනානායක සමුද්‍රයේ ප්‍රධාන බැම්ම, සොරොව් කුළුණ, සොරොව් බැරලය, ජලය නිකුත් කිරීමේ පද්ධතිය සහ පිටවාන් පද්ධතිය සම්බන්ධ ඉරි තැලීම් ඇතුළු තාක්ෂණික ගැටලු හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය මේ වනවිට තීව්‍රවී ඇති බැවින් ජලාශයේ තිරසරභාවය සහ දිගු කාලීන ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් මතුවී ඇති බව දන්නේද;

(iii) කෘෂි පවුල් 170,000කට පමණ වාරි පහසුකම් සලසමින් දිස්ත්‍රික්කයේ කෘෂි ආර්ථිකයේ ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව ඇති මෙම ජලාශ පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-10-08

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks