පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2025.01.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩ ඉරිඟු නිෂ්පාදනය කොපමණද;
(ii) එම කාලය තුළ බඩ ඉරිඟු ආනයනය කර තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(iv) බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උඩපුස්සැල්ලාව "බී" වර්ගයේ ප්‍රාදේශීය රෝහලක් පවතිනවා. එහි ඉදිකිරීම්, උපකරණ සහ මානව සම්පත් සම්බන්ධ අවශ්‍යතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් ඉන්නවා.
(ii) උඩපුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලේ ඇඳන් 2කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකයක් - ETU එකක් - ක්‍රියාත්මකව පවතිනවා. අවශ්‍ය හදිසි ප්‍රතිකාර එමඟින් සපයනු ලබනවා. සංකීර්ණ හදිසි අවස්ථා සඳහා වැඩිදුර විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ප්‍රධාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හා රිකිල්ලගස්කඩ මූලික රෝහල වෙත යොමු කරනවා. මහනුවර ජාතික රෝහල වෙත ඍජු මාරු කිරීම සිදු කරනු ලබන්නේ ඉතාම සීමිත විශේෂිත අවස්ථාවලදී පමණයි.
(iii) රෝහල සතුව LW 0694 අංකය දරන ක්‍රියාකාරි ගිලන් රථයක් සහ රියැදුරෙක් සිටිනවා. එම ගිලන් රථය ලබාගත නොහැකි අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන සේවාව හරහා ආසන්න රෝහලකින් ගිලන් රථයක් ලබා ගැනීමේ පහසුකම ද පවතිනවා.
ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීට කලින් හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සකස් කරන ලද ගිලන් රථ සඳහා වන විශේෂ වැඩ පිළිවෙළක් පවතිනවා. එය ක්‍රියාත්මක වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පමණයි. එය රට පුරාම ක්‍රියාත්මක වන එකක් නොවෙයි. තවත් දිස්ත්‍රික්ක කිහිපයකත් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ උනන්දුව සහ මැදිහත්වීම මතයි. නුවරඑළියේ එවැනි වැඩ පිළිවෙළක් තිබෙනවා. එක රෝහලක ගිලන් රථයක් නැත්නම් ඔවුන්ට ක්ෂණිකව ගිලන් රථයක් සපයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගෙනයි තිබෙන්නේ. එම ක්‍රමවේදය තවම ක්‍රියාත්මක වෙනවා.
(iv) රෝහල සතුව ක්‍රියාකාරි ගිලන් රථයක් පවතින බැවින්, රෝහලේ ගිලන් රථ පහසුකම් සම්පූර්ණයෙන්ම නොමැති බව පැවසීම නිවැරැදි නැහැ. හදිසි රෝගීන් මාරු කිරීමේ අවස්ථාවලදී රෝහල් ගිලන් රථය භාවිත කළ හැකි අතර, එය ලබා ගත නොහැකි විට ආසන්න රෝහලකින් ගිලන් රථයක් ලබා ගැනීමට පැය 24ක හදිසි සේවා ක්‍රමයක් පවතිනවා.
(v) ඔව්.
උඩපුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහල මඟින් 13,327ක අනුයාත ජනගහනයකට සේවා සපයන අතර, එම ජනගහනයේ ප්‍රධාන කොටස වතු ජනතාවගෙන් සමන්විත වෙනවා. එමෙන්ම ආසන්න ප්‍රදේශ හා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවලින් පැමිණෙන අමතර ජනගහනයකටද රෝහල මඟින් සේවා සපයනු ලබනවා.
(ආ) ඩෙල්මාර් මැද කොට්ඨාසයේ වතු රෝහලේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් උඩපුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහල පවතින අතර, එම රෝහලේ ඉහත සඳහන් පහසුකම් පවතිනවා. තවද, මීට අමතරව රාගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් ද පවතිනවා.
(ඇ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2026-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks