පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කංචන වැලිපිටිය මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අමාත්‍යාංශය මඟින් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේද;
(ii) ඒ සඳහා වැයකර ඇති මුළු මුදල කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම මඟින් අපේක්ෂා කළ ප්‍රතිලාභ කවරේද;
(iv) මේ වනවිට ලබාගෙන ඇති ප්‍රතිලාභ සහ එම ප්‍රතිලාභ ලබා ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-24
අසන ලද්දේ
ගරු කංචන වැලිපිටිය මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) රුපියල් 56,663,582.51
(iii) • අඟුණුකොළපැලැස්ස වැව ආශ්‍රිත ජල පෝෂක හා ජල සම්පාදන පද්ධතිය විධිමත් කිරීම මඟින් කෘෂිකාර්මික කටයුතු සක්‍රිය කිරීම.
• දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා "Leisure Island" සහ "හරිත නගර" සංකල්ප අනුව සංචාරකයින් ආකර්ෂණය කරගන්නා යටිතල පහසුකම් සංවර්ධනය මඟින් විනෝදාත්මක හා විවේකී පරිසරයක් නිර්මාණය කිරීම.
• ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යවසායකයින්ට නව ආදායම් මාර්ග සහ රැකියා අවස්ථා උදාකර දීම.
(iv) • අඟුණුකොළපැලැස්ස වැවට ජලය ගලා එන වාරි පද්ධතිය ක්‍රමවත් වීම හේතුවෙන් වැවෙන් ජලය ලබාගෙන කුඹුරු වගා කරනු ලබන ගොවි පවුල් 12කට පැවති ජල ගැටලුව නිරාකරණය වීම.
• දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනය සඳහා "Leisure Island" සංකල්පය ඔස්සේ අඟුණුකොළපැලැස්ස නගරයේ ආකර්ෂණීය බව වැඩිදියුණු වී ඇති අතර, මුදල් අය කර දිනපතා බෝට්ටු සේවාවක් පවත්වා ගෙන යාම, කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා පහසුකම් ලබා දීම සිදු කර ඇති අතර, පරිශ්‍රය තුළ පිහිටුවා ඇති හෙළ බොජුන් හල මඟින් නගරයට පැමිණෙන ජනතාවට දේශීය ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇත.
• අඟුණුකොළපැලැස්ස ජාතික පාසලට සහ අලුත්වැව ප්‍රාථමික විද්‍යාලයට ප්‍රවේශ වීමේ කෙටිම මාර්ගයක් ඉදිවීම සහ වැව් ඉස්මත්තේ කුඹුරු සඳහා කෘෂි යෙදවුම් හා නිමැවුම් පහසුවෙන් ප්‍රවාහනය කර ගැනීමට හැකි වීම.
නගරයට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් වෙළෙඳ සැල් හා ව්‍යාපාරික ස්ථානවල ආදායම් වර්ධනය වී ඇති අතර, ප්‍රවාහන පහසුකම් සැපයීම තුළින් ප්‍රවාහන පහසුකම් සපයන්නන්ගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු වී ඇත.
• වැව ආශ්‍රිතව පරිසර හිතකාමී ශාක රෝපණය කිරීමෙන් හරිත නගර සංකල්පය ක්‍රියාත්මක කර ඇති අතර, නවීන යටිතල පහසුකම් නගරාශ්‍රිතව ස්ථාපනය කිරීම නිසා ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ කායික හා මානසික සුවතාව නංවා ගැනීම සඳහා විවේකය සපයන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇත.
ඍජු ප්‍රතිලාභීන් ගත්තොත්, ගොවි පවුල් 12ක් හා ඍජු රැකියා අවස්ථා 34ක් ජනනය කර තිබෙනවා. ඊට අමතරව දෛනිකව මේ ස්ථානයට 150ත්, 300ත් අතර ප්‍රමාණයක් සංචාරකයින් පැමිණෙනවා.
ඍජු ප්‍රතිලාභීන්:
|
ක්ෂේත්‍රය |
ප්‍රතිලාභ |
ප්‍රතිලාභ ලබන්නන්ගේ සංඛ්‍යාව |
|
කෘෂිකාර්මික කටයුතු |
|
ගොවි පවුල් 12 |
|
දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනය |
|
|
|
හෙළ බොජුන් හල පවත්වා ගෙන යාම |
බොජුන් හලෙහි විවිධ වර්ගයේ දේශීය ආහාර පාන අලෙවි කුටි 7ක් පවත්වාගෙන යාම හා සංචාරකයන්ට පෝෂණ ගුණයෙන් යුතු ආහාර පාන ලබා ගැනීමේ පහසුකම් සැලසීම |
|
• බොජුන් හලේ දෛනික ආදායම රු.134,000.000 පමණ වන අතර, එහි සේවකයෙකුට රු.50,000.000ක පමණ මාසික ආදායමක් ලබා ගත හැක.
• බෝට්ටු සවාරි සහ ආරක්ෂක නිලධාරි ලෙස ප්‍රදේශීය සභාවට බඳවා ගෙන ඇති සේවකයන් සඳහා රු.40,000.00ක පමණ මාසික වැටුපක් හිමි වේ.
වක්‍ර ප්‍රතිලාභීන්:
• අඟුණුකොළපැලැස්ස නගරයේ පාසල් දෙකක ශිෂ්‍ය ශිෂ්‍යායන් 2,000ක් පමණ සහ දෙමවුපියන්
• උණුදිය උල්පත සහ රිදියගම වැනි සංචාරක ස්ථාන නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්
• අඟුණුකොළපැලැස්ස නගර ආසන්නයේ ජීවත් වන ප්‍රජාව
• අඟුණුකොළපැලැස්ස නගරයේ ව්‍යාපාරික ප්‍රජාව
මේ ව්‍යාපෘතිය 2026 මාර්තු 15 දින සිට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ අනුව මේ වන විට අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට 2025 මාර්තු සිට දළ වශයෙන් රුපියල් ලක්ෂ 4 සිට 562,000ක පමණ මාසික ආදායමක් හිමි වෙලා තිබෙනවා. මේ වන කොට මේ ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 3ක ආදායමක් ප්‍රාදේශීය සභාව මඟින් උපයාගෙන තිබෙනවා.
2026 මාර්තු 15 සිට 2026 අගෝස්තු 31 දක්වා ලබාගෙන ඇති සමස්ත ආදායම:
|
ව්‍යාපෘති යෝජනාව/අංශය |
මාර්තු (15-31) (රුපියල්) |
අප්‍රේල් (රුපියල්) |
මැයි (රුපියල්) |
ජුනි (රුපියල්) |
ජූලි (රුපියල්) |
අගෝස්තු (රුපියල්) |
එකතුව (රුපියල්) |
|
Leisure Island බෝට්ටු අංශය |
453,900.00 |
540,100.00 |
554,500.00 |
454,900.00 |
273,000.00 |
432,400.00 |
2,708,800.00 |
|
Leisure Island බොජුන්හල |
11,200.00 |
21,000.00 |
21,000.00 |
21,000.00 |
72,000.00 |
72,000.00 |
218,200.00 |
|
Leisure Island භූමිය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන් කිරීම |
- |
- |
- |
15,000.00 |
- |
40,000.00 |
55,000.00 |
|
Leisure Island බවුන්සර් -Bouncers- සෙල්ලම් උපකරණය මඟින් ලද ආදායම |
- |
- |
- |
- |
- |
18,000.00 |
18,000.00 |
|
මාසික එකතුව (රුපියල්) |
465,100.00 |
561,100.00 |
575,500.00 |
490,900.00 |
345,000.00 |
562,400.00 |
3,000,000.00 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks