01

E   |   த   |  

 දිනය: 2026-09-23   පිළිතුර ලබා දී ඇත 

2271/2026: Calculation of Stamp duty

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       මුද්දර ගාස්තු ගණනය කිරීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමේ වගකීම දරන ආයතන කවරේද;

            (ii)       එම ගාස්තු ගණනය කිරීමේදී එක් එක් දේපළ වෙන වෙනම තක්සේරු කරනු ලබන්නේද;

(iii) මෙම ගාස්තු ගණනය කිරීම සඳහා දේපළ තක්සේරු කිරීමේදී ඉඩම්වල පිහිටි ගොඩනැගිලිද සැලකිල්ලට ගනු ලබන්නේද;

(iv) මුද්දර ගාස්තු සඳහා දේපළ තක්සේරු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සුදුසුකම්ලත් නිලධාරින් පළාත් සභා මට්ටමේ ආයතනවල සේවයේ නියුතුව සිටින්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ ඉඩම් හා දේපළ තක්සේරුව සඳහා බලයලත් පුද්ගලයන් සහ ආයතන කවරේද;

(ii) දේපළ තක්සේරුව නිසි පරිදි සිදුවන බවටත් ඒ අනුව අයවිය යුතු මුද්දර ගාස්තු පළාත් සභාවලට ලැබෙන බවටත් තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-23

අසන ලද්දේ

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks