පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව තුළ වෙසෙන ‘විශේෂ අවශ්‍යතා සහිත’ ළමුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා රජයේ පාසල් පද්ධතිය තුළ වෙනම ‘විශේෂ අධ්‍යාපන ඒකක’ ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, මේ වනවිට දිවයින පුරා රජයේ පාසල්වල ක්‍රියාත්මක වන විශේෂ අධ්‍යාපන ඒකක සංඛ්‍යාව කොපමණද;
(iii) එම ඒකක මඟින් මේ වනවිට අධ්‍යාපනය ලබන සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම විශේෂ අධ්‍යාපන ඒකක සඳහා අවශ්‍ය විශේෂිත ඉගෙනුම් උපකරණ, භෞතචිකිත්සක මෙවලම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් මට්ටමක තිබේද;
(ii) විශේෂ පුහුණුව ලත් ගුරුවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ගුරු පුරප්පාඩු පියවීමට සහ මේ වනවිට සේවයේ නියුතු ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව නංවාලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්‌ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සාමාන්‍ය ළමුන් සමඟ එකට අධ්‍යාපනය ලබන ‘අන්තර්කරණ අධ්‍යාපන සංකල්පය’ ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරි සැලසුම් කවරේද යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-11
අසන ලද්දේ
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks