බලන්න

E   |   த   |  

 දිනය: 2026-09-08   පිළිතුර ලබා දී ඇත 

2267/2026: Number of Printing presses under the Ministry of Education

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අමාත්‍යාංශය සතුව පවතින මුද්‍රණාල සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවායේ සේවය කරන සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) එම මුද්‍රණාල පිහිටි ස්ථාන සහ වර්තමාන ක්‍රියාකාරී තත්ත්වය කවරේද;

(iv) ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින මුද්‍රණාල තිබේ නම්, ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(v) එම මුද්‍රණාල යථා තත්ත්වයට පත් කිරීමෙන් අත්වන ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මුද්‍රණාල මඟින් සිදු කරනු ලබන කාර්‌යභාරය කවරේද;

(ii) අමාත්‍යාංශය යටතේ මුද්‍රණාල පැවතීම හේතුවෙන් රජයට අත්වන ප්‍රතිලාභ කවරේද;

(iii) මුද්‍රණාල නවීකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-08

අසන ලද්දේ

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks