පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නුවරඑළිය දිස්ත්රික්කයේ උපත ලබන දරුවන් සම්බන්ධ සියලුම තොරතුරු රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේද;
(ii) එම දිස්ත්රික්කයේ වතු ආශ්රිත ප්රජාව අතරින් උපත ලබා මාස 03ක් ඇතුළත උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සංඛ්යාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම දරුවන්ගේ උප්පැන්න සහතික ලබා නොගැනීමට බලපා ඇති හේතු සහ ඒ හේතුවෙන් එම දරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ගැටලු හඳුනාගෙන තිබේද;
(iv) මෙම ප්රජාව මුහුණ දෙන ගැටලු විසඳා කඩිනමින් උප්පැන්න සහතික ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේද;
(v) එසේ නම්, එම වැඩපිළිවෙළ එක් එක් කොට්ඨාසය අනුව ක්රියාත්මක කරන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත උපත් වාර්තා වන්නේ 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 16වැනි වගන්තිය යටතේ උපත සිදු වී තුන් මසක් ඇතුළත හෝ, එම පනතේ 24වැනි වගන්තිය යටතේ උපත සිදු වී තුන් මසක් ගත වූ පසු, උපත සිදු වූයේ රෝහලක නම් දෙමාපියන් හෝ භාරකරු විසින් සපයන රෝහල් උපත් වාර්තාව, උපත සිදු වූයේ ලියාපදිංචි වත්තක නම් වතු උපත් වාර්තාව හෝ, උපත සිදු වූයේ නිවසක නම් ග්රාම නිලධාරි උපත් වාර්තාව සමඟ ඊට අදාළ ප්රකාශ පත්රය උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ වෛද්ය රෙජිස්ට්රාර් හෝ කොට්ඨාස රෙජිස්ට්රාර් හෝ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්වරයා වෙත ඉදිරිපත් කළහොත් පමණි.
එසේ තොරතුරු වාර්තා නොකරන උපත් පිළිබඳව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට සංඛ්යාත්මක අගයක් ලබාගත නොහැකිය. ඒ අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි කරන ලද උපත් සංඛ්යාව පමණක් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වාර්තා වේ.
(ii) දිස්ත්රික්කයේ සමස්ත උපත් සංඛ්යාව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වාර්තා නොවන බැවින්, උපත ලබා මාස තුනක් ඇතුළත උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සංඛ්යාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැකිය.
කෙසේ වුවත්, රෝහලක උපතක් සිදු වූ වහාම ඒ බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා සෞඛ්ය දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී දත්ත පද්ධතියක් සකස් කිරීමට OneRegistry Project යටතේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
(iii) දරුවන්ගේ උප්පැන්න ලියාපදිංචි කර නොගැනීමට බලපා ඇති ප්රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ,
1. විවාහ නොවූ දෙමාපියන්ගේ දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීමේදී පියාගේ විස්තර ඇතුළත් කිරීම සම්බන්ධ ගැටලු තිබීම නිසා උපත් ලියාපදිංචියට ඔවුන් ඉදිරිපත් නොවීම.
2. දෙමාපියන්ට උප්පැන්න සහතික හෝ ජාතික හැඳුනුම්පත් නොමැති වීම, නැතහොත් ඔවුන්ගේ ලේඛනවල නම්, දිනයන් ආදියෙහි නොගැළපීම් තිබීම නිසා උපත් ලියාපදිංචියට ඉදිරිපත් නොවීම.
3. නියමිත කාලය තුළ උපත ලියාපදිංචි කිරීමේ නීතිමය අවශ්යතාව සහ එහි වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය අඩු වීම.
4. වතු නිවාසවල සිට ප්රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්රාර් කාර්යාල දක්වා ඇති දුර, ප්රවාහන වියදම සහ ඒ සඳහා යාමේදී නිවාඩු ලබාගැනීමට සිදුවන බැවින් දිනක වැටුප අහිමි වීම මත යාමට මැළිකමක් දැක්වීම.
5. වතු උපත් වාර්තා, වතු අධිකාරි, වෛද්ය නිලධාරි සහ රෙජිස්ට්රාර් යන දාමය හරහා නියමිත කාලය තුළ යොමු නොවීම.
6. රෝහල් උපත් වාර්තා හෝ අනෙකුත් ලේඛන අස්ථානගත වීම, නැතහොත් ආපදා තත්ත්වයන් හේතුවෙන් විනාශ වීම.
7. වසරකට වඩා ප්රමාද වූ විට අමතර ලේඛන, එනම් උපත ලියාපදිංචි කර නොමැති බවට සහතිකය ඇතුළුව අතිරේක ලේඛන අවශ්ය වීම සහ ක්රියාවලිය දිගු වීම නිසා දෙමව්පියන් පසුබට වීම. මේ හේතු නිසා උප්පැන්න සහතිකයක් ලබා නොගැනීමෙන් පාසල්වලට ඇතුළුවීමේ සිට ගැටලු රාශියක් පැන නඟිනවා.
(iv) 1. 2025 සහ 2026 වර්ෂවලදී මෙවැනි ලියාපදිංචි නොවූ උපත් ලියාපදිංචි කිරීම සඳහා ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම සේවා පවත්වා, පහත විස්තර දැක්වෙන පරිදි උප්පැන්න සහ අනුමාන වයස් සහතික නිකුත් කර තිබේ.
• මේ වන විට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් නුවරඑළිය දිස්ත්රික්කයට අදාළව හඳුනා ගත් උප්පැන්න සහතික හෝ අනුමාන වයස් සහතික නොමැති දරුවන් පිළිබඳ දත්ත ලැයිස්තුවක් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. ඒ අනුව නුවරඑළිය දිස්ත්රික්කයේ ඉහත ලැයිස්තුවට අයත් දරුවන්ගේ උපත් හා සම්බන්ධ ප්රාදේශීය ලේකම් කාර්යාලවල පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සම්බන්ධ වී උප්පැන්න හා අනුමාන වයස් සහතික නොමැති දරුවන්ට ඔවුන්ගේ උපත් විස්තර සහිත ගොනු සකස් කර මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික් සහකාර රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලය වෙත ගෙන්වාගෙන එම උපත් ලියාපදිංචි කිරීමට අවශ්ය කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.
• ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීමට ලැබෙන කල්ගත වූ උපත් සම්බන්ධ ලිපිගොනු මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික් සහකාර රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලය වෙත ගෙන්වාගෙන අදාළ උපත් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම.
(v) ඉහත ආකාරයට නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 10ටම ක්රියාත්මක කිරීම.
1. වතු ප්රජාවගේ සිදු වූ සියලු උපත් ලියාපදිංචි කිරීම සඳහා පහත වැඩ පිළිවෙළ ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරමි.
i. වතුකරයේ එක් එක් ප්රාදේශීය ලේකම් ට්ඨාස මට්ටමින් සිදු වූ උපත් සංඛ්යාව එක් එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට පත් කර ඇති වැවිලි ප්රජා පහසුකම් සලසන නිලධාරින් මඟින් ගෙන්වා ගැනීම. එම උපත් අතරින් ලියාපදිංචි වූ උපත් සංඛ්යාව හඳුනා ගැනීම.
ii. ලියාපදිංචි නොවූ උපත් සංඛ්යාව හඳුනා ගැනීම හා ලියාපදිංචි නොවීමට හේතු ඉහත නිලධාරින් මඟින්ම ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා ගැනීම.
iii. එම ලියාපදිංචි නොවූ උපත් ලියාපදිංචි කිරීම සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීමට ලැබෙන කල්ගත වූ උපත් සම්බන්ධ ලිපිගොනු මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික් සහකාර රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලය වෙත ගෙන්වාගෙන අදාළ උපත් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම.
මේ වනතෙක් නුවරඑළිය දිස්ත්රික්කයේ කාලය ඉකුත් වූ පසුව ලියාපදිංචි කරන ලද උප්පැන්නවල තොරතුරු පහත වගුවේ දක්වා ඇත.
2021 වර්ෂයේ සිට 2026.09.30 දක්වා ඉපදී වසරක් ඉකුත් වූ පසුව ලියාපදිංචි කරන ලද උපත් පිළිබඳ වාර්තාව:
2021 වර්ෂයේ සිට 2026.09.30 දක්වා උපත සිදු වී මාස තුනක් පසු වූ සහ අවුරුද්දක කාලයක් ඇතුළත ලියාපදිංචි කරන ලද උපත් සංඛ්යාව පහත දැක්වේ.
2. වතු ප්රජාව සඳහා උපත් ලියාපදිංචි කිරීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් වතු ආශ්රිතව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අදාළ නිලධාරින් හා ඒකාබද්ධව පවත්වනු ලබනවා.
3. සෞඛ්ය අංශ මඟින් මාසිකව සිදුවන උපත් සංඛ්යාව රෙජිස්ට්රාර් ජනරාල් වෙත ලබා ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීම ආරම්භ කරලා තිබෙනවා.
4. මෙම වැඩ පිළිවෙළ යටතේ ලියාපදිංචි නොවූ උපත් ලියාපදිංචි කිරීම සඳහා දිස්ත්රික් ලේකම්, දිස්ත්රික් සහකාර රෙජිස්ට්රාර් ජනරාල්, ප්රාදේශීය ලේකම්, අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්, ග්රාම නිලධාරින්, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරු, වැවිලි ප්රජා පහසුකම් සේවා සලසන නිලධාරින්, වතු අධිකාරින්, වතු සුබසාධක නිලධාරින් සහ පවුල් සෞඛ්ය සේවා නිලධාරින් සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ වැඩසටහන් පැවැත්වීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks